චොක්ලට් වැනිලා කුකීස්

චොක්ලට් රසයි වැනිලා රසයි දෙකම එකට තියන රසම රස ලස්සන කුකී එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය: වැනිලා මිශ්‍රණය

  • ලුණු සහිත බටර් - 115g
  • සීනි - 100g
  • බිත්තර කහ මද - 01
  • පාන් පිටි - 180g
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය

  • ලුනු සහිත බටර් - 115g
  • සීනි - 100g
  • බිත්තර කහ මද - 01
  • පාන් පිටි - 140g
  • කොකෝවා පවුඩර් - 30g

සාදන ක්‍රමය

  • වැනිලා මිශ්‍රණය සදහා බටර් ටිකයි සීනි ටිකයි ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න. ඊළගට මේකට වැනිලා ටිකයි බිත්තර කහ මදෙයි දා ගන්න. දැන් පිටි ටික දාලා අතින් හොඳට කලවම් කරන්න. දැන් මේ ඩෝ එක ටිකක් කොටු හැඩේකට හදාගෙන තෙල් කොලේක ඔතා ගන්න.
  • චොක්ලට් මිශ්‍රණය සදහා බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳින් ක්‍රීම් වෙනකන් කලවම් කරන්න. දැන් බිත්තර කහ මදේ දා ගන්න. ඊළගට පිටි ටිකයි කොකෝවා පවුඩර් ටිකයි දාලා හොඳට අතින් කලවම් කර ගන්න. මේ ඩෝ එකත් කොටු හැඩේකට හදාගෙන තෙල් කොලේක ඔතා ගන්න.
  • දැන් මේ ඩෝ දෙකම පැයක් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • ඊළගට වැනිලා ඩෝ එක අරගෙන ඒකට උඩින් පිටි ටිකක් ඉහලා පැතලි කර ගන්න. වැනිලා ඩෝ එකට කලා වගේම චොක්ලට් ඩෝ එකත් පැතලි කර ගන්න.
  • පැතලි කර ගත්ත චොක්ලට් ඩෝ එක වැනිලා ඩෝ එක උඩින් තියාගෙන රෝල් කර ගන්න.
  • මේ රෝල් කර ගත්ත ඩෝ එකත් තවත් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියා ගත්තාට පස්සේ මේ ඩෝ එකෙන් කුකීස් ටික කපා ගන්න.
  • කපා ගත්ත කුකීස් ටික බේකන් පෑන් එකක තියලා විනාඩි 12ක් 15ක් විතර 180C ක් උෂ්ණත්වයක ප්‍රී හීට් කරපු අවන් එකේ බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කුකීස් ටික හොඳටම නිමෙන්න කූලින් රැක් එකක් උඩ තියලා තියන්න.
Vanilla & Chocolate Swirl Cookies
Vanilla & Chocolate Swirl Cookies
Vanilla & Chocolate Swirl Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to