රස කාරක පැකට්ටුව නැතුව සෝයා මීට් හදමු

අපිට තියන කාර්යබහුලතාවයත් එක්ක අපි පුරුදු වෙලා ඉන්නේ හැමවෙලේම ක්ෂණික කෑමක් හදා ගන්නනේ. හැබැයි මේ රස කාරක දාලා හදන ක්ෂණික කෑම දිගු කාලීනව අපිට අහිතකර ලෙස බලපානවා. ඉතින් ටිකක් වෙලාව අරන් තුන පහ ටිකක් එහෙම වැඩි පුර දාලා මේ විදිහට රස සෝයා මීට් කරි එකක් සතියකට පාරක්වත් හදලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සෝයා මීට් - පැකට් 01
  • උකු පොල් කිරි කෝප්ප - 1 1/2
  • කරාබු නැටි - 03
  • කරදමුංගු - 03
  • කුරුදු පොතු කෑලි ටිකක්
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • ගොරකා - බික් 03
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • තුන පහ - තේ හැඳි 02
  • රතු ලුණු ගෙඩි - 10
  • සුදු ලුණු - බික් 05
  • කරපිංචා
  • සේර
  • අමු මිරිස් - 02
  • තක්කාලි - 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි 02
  • උළු හාල් - තේ හැඳි 1/2

සාදන ක්‍රමය:

  • සෝයා මීට් ටික භාජනයකට දාලා සෝයා මීට් වැහෙන මට්ටමට එනකන් උණු වතුර දාන්න.
  • මේ භාජනේ වහලා විනාඩි 08-10 විතර තියන්න. එතකොට සෝයා මීට් ටික හොඳට පොගලා පිම්බිලා එනවා.
  • දැන් මේකේ වතුර ටික පෙරා ගෙන සෝයා මීට් ටික ටිකක් නිමෙනකන් තියලා තියන්න.
  • සෝයා මීට් ටිකේ වතුර ටිකත් මිරිකලා අරගෙන කරි එක හදන ඇතිලියට දාගන්න.
  • කපා ගත්ත රතු ලුණුයි, තක්කාලි ගෙඩියයි, අමු මිරිසුයි, කරපිංචා ටිකයි දා ගන්න.
  • කරදමුංගු කරාබු නැටි ටික කොටලා දා ගන්න.
  • සුදු ලුණුයි සේර ටිකයිත් ටිකක් තලලා ඇතිලියට දා ගන්න.
  • මිරිස් කුඩුයි පොල් කිරියි ඇර ඉතුරු ටික ඔක්කොම ඇතිලියට දා ගන්න.
  • මිරිස් කුඩු ටික මාළු මස් උයනකොට වගේ ටිකක් බැදලා දා ගන්න.
  • මිරිස් කුඩු ටික දා ගත්තාට පස්සේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න.
  • දැන් පොල් කිරි ටික දාලා ටිකක් කලවම් කරලා ඇතිලිය ලිපේ තියන්න.
  • සැරින් සැරේ හැඳි ගාන ගමන් මේ කරි එක විනාඩි 15ක් විතර හොඳට උයා ගන්න.
Sri Lankan Soya Meat Curry
Sri Lankan Soya Meat Curry
Sri Lankan Soya Meat Curry
Sri Lankan Soya Meat Curry
Sri Lankan Soya Meat Curry
Sri Lankan Soya Meat Curry

Contact DailyLife.lk

or drop an E-Mail to