තල කිරි ටොෆී

නිකන්ම කිරි ටොෆී හදනවට වඩා තල ටිකක් එහෙම දාලා හදා ගන්න කිරි ටොෆී එකත් හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ටින් කිරි - 390g
  • වතුර - ටින් කිරි ටින් එකෙන් 1/2
  • සීනි - 450g
  • තල ඇට - 30g
  • වැනිලා - තේ හැඳි 1 1/2
  • මාගරින් - 15g
  • කරදමුංගු කුඩු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • ටින් කිරි ටික පෑන් එකකට දා ගන්න.
  • ටින් කිරි ටින් එකට වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා ඒකත් මේ පෑන් එකට දාගන්න.
  • සීනි ටික ටින් කිරි ටිකත් එක්ක කලවම් කරන්න.
  • ටින් කිරි ටික උකු වෙනකන් මද ගින්දරේ කලවම් කර ගන්න. මේක ලිපෙන් අයින් කරනකන් දිගටම හැඳි ගාන්න. නැත්නම් එහෙම අඩිය අල්ලනවා.
  • කිරි ටික ටිකක් ඝන වේගෙන එනකොට තල ඇට ටික දාගන්න.
  • වැනිලා හා කරදමුංගු කුඩු ටික එකතු කර ගන්න.
  • මිශ්‍රණය හොඳට උණු වෙලා ඝනට බුබුළු දානකොට බටර් ටික දාගන්න.
  • මිශ්‍රණය හොඳට හැන්දට බර ගතිය දනෙනකන් උණු කරන්න. ඕනෑවට වඩා උණු කරන්න එපා. එහෙම උනොත් කිරි ටොෆී ටික ගල් වෙලා යයි.
  • මිශ්‍රණය පදමට ඇවිත් පෑන් එක වටේ වැඩිය ඇලෙන්නේ නැති මට්ටමට ආවහම ඉක්මනින් ලිපෙන් අයින් කරලා බටර් ගා ගත්ත තැටියකට දා ගන්න.
  • මිශ්‍රණය ඉක්මනින් පැතලි කරලා ඝන වෙන්න කලින් කෑලි වලට කපා ගන්න.
  • කිරි ටොෆී ටික ටිකක් වෙලා නිමෙන්න තියලා සුළං වදින්නේ නැති භාජනයකට අසුරා ගන්න.
Sesame Milk Toffee
Side view of Sesame Milk Toffee

Contact DailyLife.lk

or drop an E-Mail to