වැඩි වැඩ නැති සව්බොරෝ

ලංකාවටම ආවේණික වෙච්ච හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක් තමයි සව්බොරෝ. සව්බොරෝ වල තියන රසටයි ක්‍රිස්පී ගතියටයි ගොඩක් අය හරිම කැමතියි.

අවශ්‍ය ද්‍රව්‍ය: සව්බොරෝ 20ක් සදහා

  • සවු හාල් - 125g
  • ගාගත්ත පොල් - 125g
  • සීනි - 125g
  • පාන් කුඩු - 130g
  • සුදුරු - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • වතුර - මේස හැඳි 02
  • මාගරින් - තේ හැඳි 02

සාදන ක්‍රමය:

  • මුලින්ම සවු හාල් ටිකයි, සීනියි, ගා ගත්ත පොල් ටිකයි, පාන් කුඩු ටිකයි, සුදුරුයි, ලුනුයි, මාගරිනුයි ඔක්කොම ටික එකට දාලා හොඳට කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය එකට ඇලිලා හිටින මට්ටමට වෙනකන් වතුර පොඩ්ඩ පොඩ්ඩ දදා කලවම් කරන්න. පොල් වලත් තෙත ගතිය තියන හින්දා වතුර දාන්නේ නැතුව ඔයාලාගේ මිශ්‍රණය ගුලි වෙනවා නම් ආයෙත් වතුර දාන්න යන්න එපා. මිශ්‍රණය ගොඩක්ම වේලිලා වගේ නම් විතරක් වතුර පොඩ්ඩක් දාන්න.
  • දැන් හදා ගත්ත මිශ්‍රණය තැටියකට දාලා පැතලි කර ගන්න. සව්බොරෝ එකක ඝනකම 1/2 cm විතර ප්‍රමාණයක් වෙනකන් පැතලි කරන්න.
  • ඊළගට මේ මිශ්රනෙන් රවුම් හැඩේට සවුබෝරෝ ටික කපා ගන්න. කපා ගත්ත සව්බොරෝ ටික බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
  • දැන් මේ සව්බොරෝ ටික 150C ක උෂ්ණත්වයකට ප්‍රී හීට් කර ගත්ත අවන් එකේ විනාඩි 30ක් 35ක් විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත සව්බොරෝ ටික ටිකක් වෙලා නිමෙන්න තියලා සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
Sawboro Cookies
Sawboro Cookies
Closeup view of Sawboro Cookies
Sawboro Cookies
Sawboro Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to