කඩල මිශ්‍ර අල කරිය

හැමදාම හදන අල හොද්දට වෙනසක් කරලා කඩල මිශ්‍ර අල කරියක් හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොටු හැඩයට කපා ගත්ත අර්තාපල් - 500g
  • එළවලු තෙල් - මේස හැඳි 02
  • කපා ගත්ත ලොකු ළුණු ගෙඩි - 01
  • සුදු ළුණු - බික් 04
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • තලා ගත්ත අමු ඉගුරු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • තම්බා ගත්ත කඩල - 150g
  • දෙහි යුෂ - තේ හැඳි 01
  • කපා ගත්ත තක්කාලි - 150g
  • පොල් කිරි - 300ml
  • ලුනු - තේ හැඳි 02
  • අමු මිරිස් - කරල් 02
  • රම්පේ
  • කරපිංචා
  • කුරුදු පොතු

සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් කර ගන්න.දැන් මේ තෙල් එකට කපා ගත්ත ළුණු ටික දාලා විනාඩි 03ක් විතර තියන්න.
  • ඊළගට කුරුදු පොතුයි, සුදු ලුනුයි දාලා තවත් විනාඩි 02ක් විතර කලවම් කරන්න.
  • අමු මිරිසුයි, රම්පේ, කරපිංචා යිත් දා ගන්න.
  • තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ඉගුරු, ගම්මිරිස් කුඩු හා ලුනු ටික දා ගන්න.
  • කොටු හැඩේට කපා ගත්ත අල ටිකයි, තම්බා ගත්ත කඩල ටිකයි දාලා කලවම් කරන්න.
  • දැන් තක්කලියි, දෙහි යුෂ ටිකයි දා ගන්න.
  • ඊළගට පොල් කිරි ටික දාලා හොඳට කලවම් කරන්න. දැන් ගින්දර ටිකක් වැඩි කරලා මේ කරි එක උයා ගන්න.
  • පොල් කිරි ටික හොඳට රත් වෙලා බුබුළු දානකොට ගින්දර අඩු කරලා මේ කරි එක මද ගින්දරේ විනාඩි 15ක් 20ක් විතර අල ටික තැම්බෙනකන් උයා ගන්න.
  • නිකන්ම අල හොඳි එකකට වඩා මේ කරි එක හරිම රසයි. පාන්, ඉදි ආප්ප, බත් වගේ කන්න උනත් මේ කරි එක නියමයි.
Potato Chickpea Curry while cooking
Potato Chickpea Curry
Closeup view of Potato Chickpea Curry
Potato Chickpea Curry
Potato Chickpea Curry
Potato Chickpea Curry

Contact DailyLife.lk

or drop an E-Mail to