පොල්කා ඩොට් ස්විස් රෝල්

ස්විස් රෝල් කන්න අපි හැමෝම කැමතිනේ. ඒ වගේම තමයි මේ ස්විස් රෝල් තේ වෙලාවට, ගෙදරට කවුරු හරි ආවහම තේ දෙන්න වගේ හොඳටම ගැලපෙන කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර සුදු මද - 06
  • බිත්තර කහ මද - 06
  • සීනි - 90g
  • පිටි - 90g
  • ලුනු - තේ හැඳි 1/2
  • දිය කරගත්ත මාගරින් - 120g
  • වැනිලා - තේ හැඳි 02
  • ෆුඩ් කලරින්
  • අයිසිං සීනි - 150g
  • බටර් - 150g

සාදන ක්‍රමය:

  • සීනි ටිකයි බිත්තර සුදු මද ටිකයි එකට දාලා හොඳට බීට් කර ගන්න.
  • දැන් මේකට බිත්තර කහ මද එක එක දදා බීට් කරන්න.
  • මේ බිත්තර මිශ්‍රණයට ලුනුයි පිටියි දාලා කලවම් කර ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ දිය කරගත්ත මාගරින් ටිකයි වැනිලා ටිකයි දාලා කලවම් කරන්න.
  • දැන් මේ බැටර් එකෙන් මේස හැඳි 02 ගානේ පොඩි භාජන 04කට දාගෙන ඒවාට ඔයාලා කැමති පාටවල් වෙන වෙනම කලවම් කර ගන්න.
  • බේකින් ට්‍රේ එකක් උඩට බේකින් ශීට් එකක් දාලා ඒකේ උඩට තැනින් තැන එක එක පාටවල් වලින් ඩොට් දා ගන්න.
  • දැන් මේක 180C කට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 05ක් බේක් කර ගන්න.
  • මේ බේක් කර ගත්ත ඩොට් ටික නිමුනාට පස්සේ ඉතුරු කේක් මිශ්‍රනයත් මේකට උඩින් දාලා පැතලි කර ගන්න. මේකත් තවත් විනාඩි 15 - 18 විතර 180C උෂ්ණත්වයක බේක් කරන්න.
  • කේක් එක බේක් වෙනකන් අයිසින් ටික හදා ගන්න. ඒකට අයිසින් සීනි ටිකයි බටර් ටිකයි එකට දාලා හොඳට කලවම් කරන්න.
  • කේක් එක බේක් උනාට පස්සේ ඒක අවන් එකෙන් එලියට අරගෙන ටිකක් වෙලා නිමෙන්න තියන්න. දැන් මේ කේක් එක අනිත් පැත්ත හරවලා බේකින් ශීට් එක ගලවලා අයින් කරන්න.
  • දැන් කේක් ශීට් එකේ ඩොට් තියන පැත්ත යටට තියලා අනිත් පැත්තට අයිසින් ටික දාලා පැතලි කර ගන්න.
  • කේක් එක රෝල් කරලා හොඳට සෙට් වෙනකන් පැය 02ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • කේක් එක හොඳට සෙට් උනාට පස්සේ කෑලි වලට කපා ගන්න.
Polka Dot Swiss Roll
Polka Dot Swiss Roll
Polka Dot Swiss Roll
Polka Dot Swiss Roll

Contact DailyLife.lk

or drop an E-Mail to