ගෙදර කට්ටියත් එක්ක රසට හදාගෙන කන්න පින්ක් චොක්ලට් කේක්

බිත්තර නොදා හදන මේ පින්ක් චොක්ලට් කේක් එක වයිට් චොක්ලට් රසට කැමති ඔයාලටමයි.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සදහා

  • එළ කිරි - 180ml
  • ලෙමන් යුෂ - තේ හැඳි 01
  • බටර් / මාගරින් - 35g
  • තෙල් - 10ml
  • කුඩු කර ගත්ත සීනි - 40g
  • වැනිලා - තේ හැඳි 01
  • උකු කිරි - 125ml
  • කේක් පිටි - 220g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • බේකින් සෝඩා - තේ හැඳි 1/3
  • රෝස පාට ෆුඩ් කලරින්
  • පොඩියට කපා ගත්ත වයිට් චොක්ලට් - 25g

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සදහා

  • වයිට් චොක්ලට් - 75g
  • උකු කිරි - 75g
  • රෝස පාට ෆුඩ් කලරින්

සාදන ක්‍රමය:

  • ලෙමන් යුෂ ටික උකු කිරිත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • මාගරින් ටිකට සීනි ටිකයි, තෙල් ටිකයි දාලා කලවම් කරන්න.
  • ඊළගට වැනිලා ටික එකතු කරන්න.
  • දැන් මේකට ටින් කිරි ටික දාලා කලවම් කරන්න.
  • ඊළගට පිටියි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩා ටිකයි එකතු කර ගන්න.
  • දැන් කිරි ටික ටික එකතු කරන ගමන් හොඳට කලවම් කරන්න.
  • ඊළගට මේ බැටර් එක සමාන කොටස් දෙකකට බෙදා ගෙන එක කොටසකට රෝස පාට ෆුඩ් කලරින් එකතු කරන්න.
  • දැන් මේ බැටර් දෙකෙන් මාරුවෙන් මාරුවට ටික ටික අරගෙන බේකින් ට්‍රේ එකෙන් තියා ගන්න.
  • බැටර් එක උඩින් ග්‍රේට් කර ගත්ත වයිට් චොක්ලට් ටිකකුත් දා ගන්න.
  • දැන් මේ කේක් එක 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකේ විනාඩි 35ක් 45ක් විතර බේක් කර ගන්න. බේක් උනාට පස්සේ කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • වයිට් චොක්ලට් මිශ්‍රණය හදා ගන්න වයිට් චොක්ලට් ටිකයි ටින් කිරි ටිකයි එකට දාලා හොඳට දිය කර ගන්න. මේ මිශ්‍රණයෙන් භාගයක් කේක් එකට උඩින් වක්කර ගන්න.
  • ඉතුරු ටිකට රෝස පාට ෆුඩ් කලරින් දාලා කලවම් කරන්න. මේ ටිකත් කේක් එකට උඩින් දා ගන්න.
  • ඊළගට කේක් එකට උඩින් ග්‍රේට් කර ගත්ත වයිට් චොක්ලට් ටිකක් ඉහ ගෙන චොක්ලට් මිශ්‍රණය සෙට් වෙනකන් විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • වයිට් චොක්ලට් රසට කැමති ඔයාලා නම් මේ කේක් එකට ගොඩක් කැමති වෙයි.
Pink Chocolate Cake
Pink Chocolate Cake
Pink Chocolate Cake
Pink Chocolate Cake
Pink Chocolate Cake
Pink Chocolate Cake
Pink Chocolate Cake

Contact DailyLife.lk

or drop an E-Mail to