බේක් කරන්නේ නැතුව චොක්ලට් පීනට් බටර් බාර් හදමු

හරිම රස ඒ වගේම ලස්සන මේ අතුරුපස හදාගන්න අපිට ඕනේ කරන්නේ හරිම පොඩි දේවල් ටිකක්. මේ රසම රස චොක්ලට් පීනට් බටර් බාර් හදාගන්න අපිට යන්නේ විනාඩි 20ක් වගේ හරිම පොඩි කාලයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩයිජෙස්ටිව් බිස්කට් - 200g
  • පීනට් බටර් - 180g
  • ඩාර්ක් චොක්ලට් - 200g
  • ලුනු රහිත බටර් - 70g

සාදන ක්‍රමය

  • බිස්කට් ටික පිටි වගේ වෙනකන් හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
  • මේ බිස්කට් එකට බටර් ටිකයි පීනට් බටර් 120g දාලා තව ටිකක් බ්ලෙන්ඩර් කරන්න.
  • බිස්කට් ටික බේකින් පෑන් එකකට දාගන්න.
  • වෙනමම බෝල් එකක චොක්ලට් ටිකයි පීනට් බටර් 30g යි මද ගින්දරේ දිය කර ගන්න.
  • දැන් මේ චොක්ලට් මිශ්රණයත් බිස්කට් ටික උඩින් දාගන්න.
  • තවත් පීනට් බටර් 30g ක් වෙනමම දිය කර ගන්න.
  • දිය කර ගත්ත මේ පීනට් බටර් ටික චොකලට් මිශ්‍රණය උඩින් තැනින් තැන දාගන්න.
  • බටර් ගාන පිහියක් අරගෙන මේක උඩින් ලස්සන රටාවක් හදාගන්න.
  • දැන් මේක හොඳට සෙට් වෙනකන් පැය 02ක් විතර ශීතකරණයේ තියන්න.
  • මේක හොඳට සෙට් උනාට පස්සේ රස්නේ පිහියකින් කෑලි වලට කපාගන්න.
Chocolate Peanut Butter Bars on a cutting board
No Bake Chocolate Peanut Butter Bars
Close up view of No Bake Chocolate Peanut Butter Bars
No Bake Chocolate Peanut Butter Bars
No Bake Chocolate Peanut Butter Bars with a tea
Vertical view of No Bake Chocolate Peanut Butter Bars

Contact DailyLife.lk

or drop an E-Mail to