අවුරුද්දට රසට කන්න පැණි අලුවා

අලුවා හදන්න නම් ඕනේ තරම් විදි තියනවා. අපි මීට කලිනුත් එක එක විදිහට අලුවා හදුවානේ. හැබැයි පැණියි කජුයි දාලා හදන මේ පැණි අලුවා එකට ඔයාලා ගොඩාක් කැමති වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බැදගත්ත හාල් පිටි - 500g
  • පොල් / කිතුල් පැණි - 375ml
  • කජු / රට කජු - 100g
  • කුඩු කර ගත්ත කරදමුංගු - 04-05
  • ලුනු - තේ හැඳි 01
  • සීනි - 50g
  • උඩට ඉසීමට බැදගත්ත හාල් පිටි - 100g

සාදන ක්‍රමය:

  • අලුවා ටික හදලා දා ගන්න ට්‍රේ එක පිටි ටිකක් ඉහලා ලෑස්ති කරලා පැත්තකින් තියා ගන්න. මේ විදිහට පිටි දාගත්තහම අපිට අලුවා කෑලි ටික ට්‍රේ එකෙන් ගලවා ගන්න ලේසියි.
  • සීනි ටිකයි පැණි ටිකයි මද ගින්දරේ උණු කර ගන්න. සීනි ටික හොඳට දිය උනහම මේකට ලුනුයි කුඩු කර ගත්ත කරදමුංගු ටිකයි දාන්න. දැන් මේක පදම එනකන් මද ගින්දරේ උණු කරන්න.
  • පැණි ටික පදමට උණු වෙලා ටිකක් නූල් ඇදෙන ගානට එනකොට ලිප ඕෆ් කරලා රට කජු ටික දා ගන්න. පැණි ඕනෑවට වඩා උණු කරන්න එපා. එතකොට අලුවා එක හරි ඉක්මනට ගල් වෙලා යනවා.
  • දැන් මේකට පිටි ටික ටික දදා ඉක්මනට කලවම් කර ගන්න. ඔයාලා පලවෙනි පාරට අලුවා හදනවානම් එහෙම පිටි දාන්න කලින් මේ පැණි එකෙන් කෝප්ප භාගයක් විතර අයින් කර ගන්න. බැරි වෙලාවත් ඔයාලාගේ අතින් පිටි වැඩි උනොත් එහෙම මේ පැණි ටික දාලා කලවම් කර ගන්න පුළුවන්.
  • අලුවා මිශ්‍රණය ගුලි වෙන මට්ටමට ආවහම මේ මිශ්‍රණය කලින් ලෑස්ති කර ගත්ත ට්‍රේ එකට දාලා උඩින් පිටි ඉහ ඉහ අලුවා මිශ්‍රණය පැතලි කර ගන්න. දැන් ඔයාලා කැමති විදිහට මේ අලුවා කෑලි ටික කපා ගන්න.
  • අලුවා කෑලි ටික භාජනයකට අසුරා ගන්න කලින් අලුවා කෑලි වල වටේටම හොඳට පිටි ගාලා තියන්න. එතකොට අලුවා ටික එකට ඇලෙන්නේ නෑ.
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa
Pani Aluwa

Contact DailyLife.lk

or drop an E-Mail to