ගෙදරදීම නටෙල්ලා අයිස් ක්‍රීම්...

හැමදාම අයිස් ක්‍රීම් කඩෙන් අරන් කන්නේ නැතුව ගෙදරදීම හදාගන්න ක්‍රමයක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර - 02
  • සීනි - 50g
  • විපින් ක්‍රීම් - 250g
  • නටෙල්ලා - 150g
  • කොකෝවා පව්ඩර් - මේස හැඳි 01
  • ඩාර්ක් චොක්ලට් - 70g
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • සීනි ටිකයි බිත්තර ටිකයි මද ගින්දරේ හොඳට ටිකක් වෙලා බීට් කර ගන්න.
  • දැන් මේකට වැනිලා දාලා බීට් කරන්න.
  • මේ බිත්තර මිශ්‍රණය නිමෙන්න වෙනමම බෝල් එකකට දාලා තියන්න.
  • ඊළගට විපින් ක්‍රීම් ටික හොඳට බීට් කර ගන්න.
  • දැන් මේකට නටෙල්ලා ටිකත් එකතු කරන්න.
  • කොකෝවා පව්ඩර් ටික දාලා හොඳට කලවම් කර ගන්න.
  • මේ නටෙල්ලා මිශ්‍රණය බිත්තරත් එක්ක කලවම් කර ගන්න.
  • අන්තිමට ග්‍රේට් කර ගත්ත චොක්ලට් ටික දාගන්න.
  • දැන් මේ අයිස් ක්‍රීම් ටික සෙට් වෙනකන් ශීතකරණයේ තියන්න.
Nutella Ice Cream
Nutella Ice Cream on a container
Close up view of Homemade Nutella Ice Cream
Ice cream cup
Top view of Nutella Ice Cream
Nutella Ice Cream with Grapes

Contact DailyLife.lk

or drop an E-Mail to