රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝල

මුකුණුවැන්න වලින් හදා ගන්න පුළුවන් රස වගේම තවත් ගුණම ගුණ කෑමක් තමයි මුකුණුවැන්න සම්බෝල.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මෝරපු නැති මුකුණුවැන්න මිටි - 1/2
  • ගා ගත්ත පොල් - කෝප්ප 1/2
  • ලුනු - තේ හැඳි 01
  • රතු ළුණු - 10
  • අමු මිරිස් - 01
  • උම්බලකඩ - තේ හැඳි 01
  • තක්කාලි - 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2

සාදන ක්‍රමය:

  • මුකුණුවැන්න ටික සෝදලා අරගෙන හීනියට කපා ගන්න. මේ සම්බෝලේට අරගන්න ඕනේ මෝරපු නැති දළු වගේ මුකුණුවැන්න.
  • ඊළගට කපා ගත්ත අමු මිරිස්, ළුණු හා උම්බලකඩ ටික දාගන්න.
  • ලුනු හා ගම්මිරිස් කුඩු ටික දාලා ටිකක් කලවම් කරන්න.
  • අන්තිමට කපාගත්ත තක්කාලි ටිකයි පොල් ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
  • රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝලේ දැන් ලෑස්තියි.
Fresh Mukunuwenna Salad
Close up view of Mukunuwenna Salad
Fresh Mukunuwenna Salad on a Kenda Leave
Side view of Mukunuwenna Salad
Fresh Mukunuwenna Salad

Contact DailyLife.lk

or drop an E-Mail to