තෙත ගතියට රසට චොක්ලට් කේක්

එක එක විදිහේ කේක් ජාති කොච්චර තිබ්බත් චොක්ලට් කේක් කියන්නේ වැඩි දෙනෙක් කන්න කැමති කේක් එකක්. මේ චොක්ලට් කේක් එකට තවත් වැඩිපුර චොක්ලට් දාලා ටිකක් තෙත ගතියට හැදුවහම කොහොම වෙයිද? අපි අද මේ කේක් එක හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය - කේක් මිශ්‍රණය සදහා

  • පිටි - 250g
  • සීනි - 300g
  • කොකෝවා පවුඩර් - 70g
  • බේකින් සෝඩා - තේ හැඳි 1 1/2
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 1/2
  • ලුනු - තේ හැඳි 01
  • බිත්තර - 02
  • කිරි කෝප්ප - 01
  • එළවළු තෙල් - කෝප්ප 1/2
  • වැනිලා - තේ හැඳි 02
  • උණු වතුර - කෝප්ප ½

අවශ්‍ය ද්‍රව්‍ය - චොක්ලට් මිශ්‍රණය සදහා

  • බටර් - 100g
  • සීනි - 200g
  • කොකෝවා පවුඩර් - 150g
  • කිරි කෝප්ප - 2/3
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය

  • සීනි, පිටි, කොකෝවා පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර්, ලුනු එකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • මේ පිටි මිශ්‍රණයට බිත්තර, කිරි, එළවළු තෙල් හා වැනිලා දමා හොඳින් බීට් කරන්න.
  • උණු වතුර ටිකත් දාලා හොඳින් බීට් කරන්න.
  • දැන් මේ බැටර් එක බේකින් පෑන් එකකට දාලා විනාඩි 40ක් විතර 180° Cක උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙන අතරතුරේදී චොක්ලට් මිශ්‍රණය හදා ගම්මු.
  • ඒකට බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳින් බීට් කර ගන්න.
  • කොකෝවා පවුඩර් ටිකත් දාලා බීට් කරන්න.
  • දැන් මේකට කිරි ටිකයි, වැනිලා ටිකයිත් දාලා තව ටිකක් වෙලා බීට් කර ගන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ කේක් එක මැදින් කපලා පැතලි කෑලි දෙකකට වෙන් කර ගන්න.
  • එක කේක් කෑල්ලක් උඩින් චොක්ලට් මිශ්‍රණය දාලා අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න.
  • දැන් ඉතුරු චොක්ලට් මිශ්‍රණය මුළු කේක් එක වටේටම දාලා ලස්සන කර ගන්න.
Moist Chocolate Cake
Moist Chocolate Cake Piece
Moist Chocolate Cake Piece
Moist Chocolate Cake

Contact DailyLife.lk

or drop an E-Mail to