මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්

අඹ දාලා හදා ගන්න පුළුවන් තවත් රසම රස කේක් එකක් තමයි මේ මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය : කේක් මිශ්‍රණය සදහා

  • බිත්තර - 01
  • පාන් පිටි - 50g
  • සීනි - 50g
  • දිය කර ගත් මාගරින් - මේස හැඳි 02
  • කිරි - මේස හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • බේකින් සෝඩා - තේ හැඳි 1/4
  • ඉදුණු අඹ පෙති ටිකක්
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය : කැරමල් එක සදහා

  • සීනි - 50g
  • වතුර - මේස හැඳි 02 පමණ

සාදන ක්‍රමය:

  • කැරමල් එක හදාගන්න අඩිය පැතලි භාජනයකට සීනි ටික දාලා සීනි ටික වැහෙන මට්ටමට එනකන් වතුර දාන්න.
  • මේ සීනි ටික වතුරත් එක්ක දිය වෙනකන් වතුරත් එක්ක මද ගින්දරේ හැඳි ගාන්න.
  • සීනි ටික ඔක්කොම දිය උනාට පස්සේ හැඳි ගාන එක නතර කරන්න.
  • පැණි ටික බුබුළු දාගෙන එනකොට පැණි ටික හොඳට කලවම් වෙන්න භාජනේ වටේට කරකවන්න.
  • ටික වෙලාවක් භාජනේ ලිපේ තියන්න. ආයෙත් අරන් කරකවන්න. කැරමල් එක පදමට එනකන් මේ විදිහට දිගටම කරන්න.
  • කැරමල් එක තද පාටට, ඇලෙන ගතියට ආවහම බේකින් ට්‍රේ එකට කැරමල් ටික දාගෙන බේකින් ට්‍රේ එකේ වටේටම කැරමල් ටික ගෑවෙන්න කරකවන්න.
  • කේක් එකේ බැටර් එක හදා ගන්න, මුලින්ම පිටි ටික බේකින් පවුඩර් හා බේකින් සෝඩා ටික එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • බිත්තරෙයි වැනිලා ටිකයි එකට දාලා බීට් කර ගන්න.
  • සීනි ටිකත් මේකටම දාලා මේක ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
  • දැන් දිය කර ගත්ත මාගරින් ටික දාන්න.
  • කිරි ටික දාගන්න.
  • අන්තිමට පිටි ටික දාලා හොඳට කලවම් කරන්න.
  • කැරමල් දාගත්ත බේකින් ට්‍රේ එකේ යටට හීනියට කපා ගත්ත අඹ පෙති ටික තියා ගන්න.
  • දැන් මේ අඹ ටික උඩින් කේක් බැටර් එක දාගන්න.
  • මේ කේක් එක විනාඩි 30-35ක් විතර 170° C උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • කැරමල් රසත් එක්ක එකතු උන මේ අඹ කේක් එකට හැමෝම කැමති වෙයි.
Mango Upside Down Cake
Close up view of Mango Upside Down Cake
Mango Upside Down Cake
Mango Upside Down Cake
Piece of Mango Upside Down Cake

Contact DailyLife.lk

or drop an E-Mail to