ඕස්ට්‍රේලියාවෙන් අපිට ලැබුණු ලැමින්ටන්ස්

ඕස්ට්‍රේලියාවෙන් අපිට ලැබුණු රසම රස කෑමක් තමයි ලැමින්ටන්ස්. චොක්ලට් අයිසින් වල පොගවලා පොල් වටේට තවරලා තියන මේ අතුරුපසට ඔයාලා ගොඩක් කැමති වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය: බටර් කේක්

  • පාන් පිටි - 250g
  • සීනි - 250g
  • බටර් - 250g
  • බිත්තර - 04
  • කිරි - කෝප්ප 1/4
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් අයිසින්

  • දිය කර ගත්ත බටර් - 50g
  • නැවුම් කිරි - 160ml
  • කොකෝවා පවුඩර් - 45g
  • හලා ගත්ත අයිසින් සීනි - 290g
  • ලුනු පිංචක්
  • අවශ්‍ය ද්‍රව්‍ය: තැවරුම සඳහා

  • දිසිදි පොල් - 250g
  • සාදන ක්‍රමය:

  • බටර් කේක් එක හදා ගන්න මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • බිත්තර එකින් එක දදා බීට් කරන්න.
  • දැන් වැනිලා ටික දා ගන්න.
  • පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා හලා ගෙන ඒ පිටි වලින් ටිකෙන් ටික බටර් මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
  • දැන් මේකට කිරි ටික දා ගන්න.
  • ඊළගට මේ කේක් එක 180C උෂ්ණත්වයක ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35-40 විතර බේක් කරන්න.
  • බේක් උනාට පස්සේ කේක් එක හොඳටම නිමෙන්න තියන්න. කේක් එක පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්නවානම් තවත් හොඳයි. එතකොට කේක් එකේ කුඩු හැලෙන්නේ කෑලි කැඩෙන්නේ නැතුව ලස්සනට කේක් කෑලි ටික කපා ගන්න පුළුවන්.
  • චොක්ලට් අයිසින් ටික හදා ගන්න මුලින්ම දිය කර ගත්ත බටර් වලට කිරි ටික දාලා කලවම් කරන්න.
  • දැන් මේකට කොකෝවා පවුඩර් ටික එකතු කරන්න.
  • අන්තිමට අයිසින් සීනි ටිකයි ලුනු ටිකයි එකතු කර ගන්න.
  • දැන් හොඳටම නිමුන කේක් එක අරගෙන කොටු හැඩයේ සමාන කෑලි වලට කපා ගන්න. ඔයාලා කැමති නම් කේක් එකේ වටේ දාර ටිකයි උඩ කොටසයි කපලා අයින් කර ගන්න.
  • දැන් මේ කේක් කෑලි එකින් එක අරගෙන හදා ගත්ත චොක්ලට් අයිසින් වල පොගවලා පොල් වල තවරා ගන්න. ඔක්කොම ලැමින්ටන් ටික මේ විදිහට හදා ගන්න.
  • Lamingtons
    Lamingtons
    Lamingtons
    Lamingtons

    Contact DailyLife.lk

    or drop an E-Mail to