බිත්තර සමග සෑදු කතුරුමුරුන්ගා ව්‍යංජනය

ශ්‍රී ලංකාව තුල භාවිතා වන තවත් එක් රසවත් සෞඛ්‍ය සම්පන්න හරිත ආහාරයක් තමයි කතුරුමුරුංගා කොළ. කතුරුමුරුංගා කොළ අපට කිහිප ආකාරයකට හදාගන්න පුළුවන්. පිස ගන්නා ක්‍රමය කුමක් වුවත් මෙහි ඉහල පෝෂදායී ගුණයක් සහ ආයුර්වේද වටිනාකමක් තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේදී උණ රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සඳහාත් , විශේෂයෙන් කනෙහි හෝ නාසයෙහි ඇතිවන සැරව ගෙඩි සඳහාත් ස්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා කතුරුමුරුංගා භාවිතා කරනවා. පණු අමාරුව සදහා ඇග සිසිල් කිරීම සඳහා කතුරුමුරුංගා යොදා ගන්නවා.

අපි ටිකක් වෙනස් විදියකට අද කතුරුමුරුංගා කරි එකක් හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කතුරුමුරුංගා කොළ
  • පොල් කිරි කෝප්ප 01
  • බිත්තර 02
  • අමු මිරිස් කරල් 02
  • රතු ලූනු ගෙඩි 7 - 8
  • කරපිංචා කොළ
  • ලුණු කුඩු මේස හැන්දක්
  • තුන පහ කුඩු මේස හැඳි 01
  • මිරිස් කුඩූ මේස හැඳි 01
  • කහකුඩු තේ හැඳි 01
  • උළුහාල් තේ හැඳි 01

සාදන ආකාරය:

  • කතුරුමුරුංගා කොළ සුද්ද කර හොඳින් සෝදා ගන්න. සුද්ද කරනකොට හොඳින් බලන්න ඕනේ ඒවායේ සමනල බිත්තර සහ පණුවන් ඉන්නවාද කියා. දෙපැත්ත හොදට බලලා කොළ ටික සූරලා සෝදාගන්න.
  • රතු ළූණු , අමුමිරිස් , කරපිංචා සිහින්ව කපාගන්න.
  • බිත්තර හොඳින් බීට් කරගන්න.
  • මැටි භාජනයක් ලිප තබා එයට කතුරුමුරුංගා කොළ සහ අනෙකුත් රතුළූණු ආදි ද්‍රව්‍යයන් එකතු කරන්න.
  • පොල්කිරි ටික ද එකතු කරන්න.
  • එයට කහ කුඩු , මිරිස් කුඩු , තුනපහ කුඩු , ලුණු කුඩු සහ උළුහාල් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • වරින් වර හැඳි ගාමින් මිනිත්තු පහක් පිසගන්න.
  • කිරිහොදින් නැටුවාට පසු බිත්තර එකතු කරන්න.
  • හොඳින් කලවම් කර නැවත මිනිත්තු දෙක තුනක් පිසගන්න.
Kathurumurunga Curry with Egg
Kathurumurunga Curry with Egg
Kathurumurunga Curry with Egg

Contact DailyLife.lk

or drop an E-Mail to