මෙහෙම හැදුවොත් ඔයාලා හැමදාම ජෙලි කයි

ඔයාලා මීට කලින් ජෙලියි උකු කිරියි එකතු කරලා කාලා තියනවද? අනිත් දවසේ මේ විදිහට ජෙලි ටිකක් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ජෙලි පැකට් - 01 (100g)
  • උකු කිරි - ටින් 01 (390g)
  • උණු වතුර - 225ml
  • සාදන ක්‍රමය:

    • මුලින්ම ටින් කිරි ටික බෝල් එකකට දාගන්න. මේ ටින් කිරි ටින් එකටම උණු වතුර ටික දාලා ටින් එකේ ඉතුරු වෙලා තියන කිරි ටිකත් දිය කරලා මේ බෝල් එකටම දා ගන්න.
    • ඊළගට මේ ටින් කිරි එකට ජෙලි පැකට් එක දාලා කලවම් කරන්න.
    • දැන් මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකකට දාලා මේ ටික හොඳට මිශ්‍ර කර ගන්න.
    • අන්තිමටම මේ ටික බෝල් එකකට දාලා හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
    • මේක හොඳටම සෙට් උනාට පස්සේ රස බලන්න පුළුවන්.
    Jelly Milk Pudding
    Jelly Milk Pudding
    Jelly Milk Pudding
    Jelly Milk Pudding
    Jelly Milk Pudding

    Contact DailyLife.lk

    or drop an E-Mail to