පැණි බේරෙන හකුරු කේක්

මේ රසම රස හොඳ තෙත ගතියට තියන හකුරු කේක් එක ඕනෙම අවස්ථාවකට ගැළපෙන හොඳ කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රුලං - 250g
  • මාගරින් - 125g
  • සීනි - 200g
  • කිතුල් හකුරු - 250g
  • බිත්තර සුදු මද - 03
  • බිත්තර කහ මද - 03
  • වැනිලා - තේ හැඳි 01
  • රෝස් එසෙන්ස් - පොඩි බින්දුවක්
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • පොල් කිරි - කෝප්ප 1/2
  • කුඩු කර ගත් කුරුදු හා කරදමුංගු - තේ හැඳි 1/2
  • කජු - 100g

සාදන ක්‍රමය:

  • මුලින්ම මේ කේක් එකට දාන රුලං ටික පොඩ්ඩක් වෙලා බැද ගන්න. රුලං ටික සුවද එනකන් යන්තම් බැදුනහම ඇති.
  • හකුරු ටික පොඩි කෑලි වලට කපා ගන්න. එතකොට මේ හකුරු ටික දිය කර ගන්න ලේසියි. පොඩි කර ගත්ත හකුරු ටික පොල් කිරිත් එක්ක දිය කර ගන්න. හකුරු පොඩි කෑලි දිය වෙන්නේ නැතුව ඉතුරු උනාට කමක් නෑ.
  • බිත්තර සුදු මද ටික හොඳට බීට් කරලා පැත්තකින් තියා ගන්න.
  • මාගරින් ටිකයි සීනි ටිකයි එකට දාලා බීට් කරන්න. සීනි ටික මාගරින් එක්ක හොඳට කලවම් උනාට පස්සේ බිත්තර එක එක දදා බීට් කරන්න.
  • දැන් රුලං ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා මාගරින් මිශ්‍රණයට දා ගන්න. රුලං ටික මාගරින් ටිකත් එක්ක හොඳට කලවම් උනාට පස්සේ මේකට දිය කර ගත්ත හකුරු ටික දා ගන්න.
  • ඊළගට වැනිලායි, කපා ගත්ත කජුයි, රෝස් එසෙන්ස් ටිකයි දා ගන්න. රෝස් එසෙන්ස් බින්දුවක් විතර දාපුවහම හොඳටම ඇති.
  • දැන් මේ මිශ්‍රණයට කලින් බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික දදා හෙමින් කලවම් කරන්න. මේ අතර තුරේදී කුඩු කර ගත්ත කරදමුංගු, කුරුදු ටිකත් දාන්න.
  • ඊළගට මේ කේක් එක 180 C ට ප්‍රී හීට් කරපු අවන් එකකට විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ කේක් එක නිමෙන්න තියලා කෑලි වලට කපා ගන්න.
Jaggery Cake
Jaggery Cake
Close up view of Jaggery Cake
Pieces of Jaggery Cake
Jaggery Cake
Piece of Jaggery Cake

Contact DailyLife.lk

or drop an E-Mail to