පොඩි ළමයින්ගේ බර වැඩි කරන කොස් ඇට අග්ගලා

අපේ අම්මලා ඉස්සර ඉදලම කියන දෙයක් තමයි පොඩි බබාලාගේ බර අඩු නම් කොස් ඇට ටිකක් තම්බලා කවන්න කියන එක. මේ දවස් වල රටේ බඩු වල ගණන් හැටියට හරියට පෝෂණයක් ලැබෙන කෑම වේලක් පොඩි අයට දෙන්න ගොඩක් පවුල් වලට අමාරුයි. මේ වගේ කොස් ඇට අග්ගලා ටිකක් හදා ගත්තොත් පොඩි අයට විතරක් නෙමේ ලොකු අයටත් හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඔයාලා මේ කොස් ඇට අග්ගලා එක පොඩි බබාලට හදනවනම් එහෙම සීනි ප්‍රමාණය ටිකක් අඩු කරලා දාන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොස් ඇට - 350g
  • ගම්මිරිස් ඇට - 4-5
  • ලුනු - තේ හැඳි 01
  • ගා ගත්ත පොල් - 90g
  • සීනි - 60g
  • හකුරු - 40g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කොස් ඇට ටික විනාඩි 20ක් විතර කබලේ බැද ගන්න. කොස් ඇට ටිකේ පොතු ගලවා ගන්න පුළුවන් මට්ටමට වෙනකන් මේ ටික බැද ගන්න ඕනේ. හැබැයි මේ කොස් ඇට ටික පිච්චෙන්න දෙන්න එපා.
  • බැද ගත්ත කොස් ඇට ටික ටිකක් වෙලා නිමෙන්න තියලා පොතු ටික ගලවා ගන්න.
  • දැන් මේ කොස් ඇට ටිකයි ගම්මිරිස් ටිකයි එකට දාලා කුඩු කර ගන්න. කොස් ඇට ටික පිටි වගේ වෙනකන් ගොඩක්ම කුඩු කරන්න එපා. පොඩි කෑලි හිටින්න කුඩු කර ගන්න.
  • ඊළගට මේකට පොල් ටිකයි, ලුනුයි, සීනියි, හකුරුයි දාලා කොටා ගන්න.
  • දැන් අපිට පුළුවන් මේ ටික ගුලි කරලා අපේ කොස් ඇට අග්ගලා ටික හදා ගන්න.
  • Jackfruit Seeds Aggala
    Jackfruit Seeds Aggala
    Jackfruit Seeds Aggala
    Jackfruit Seeds Aggala

    Contact DailyLife.lk

    or drop an E-Mail to