කටට සැරට බැදපු දැල්ලෝ

නම ඇහුවත් කටට කෙළ උනන රසවත් දැල්ලො මාලුවක් සාදා ගන්නෙ කොහොමද කියලා අද අපි බලමු. මේ ආකාරයට හදා ගත්තම ඔයාලට කර කර ගාලා රසට හැපෙන බයිට් එකක් ආකාරයට කන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍යය:

  • දැල්ලන් 250 g
  • ඉරිඟු පිටි 50 g
  • පාන් පිටි 50 g
  • බටර් මේස හැඳි 02
  • ලුණු කුඩු තේ හැඳි 02
  • චිලි පේස්ට් මේස හැඳි 02
  • බිත්තර 01
  • ගම්මිරිස් කුඩු තේ හැදි 01
  • කහ කුඩු තේ හැඳි 01
  • මිරිස් කුඩු තේ හැඳි 01
  • ළුණු කොළ
  • මාළු මිරිස් 01
  • ගැඹුරු තෙලේ බැද ගැනීමට අවශ්‍ය තෙල්

සාදන ආකාරය:

  • හොඳින් සෝදා සුද්දකරගත් දැල්ලන් රවුම් හෝ මල් හැඩයට කපා ගන්න.
  • දැල්ලන් සමග කහ කුඩු තේ හැඳි 01 , මිරිස් කුඩූ තේ හැඳි 01 , ගම්බිරිස් කුඩු තේ හැඳි 1/2 සහ ලුණු කුඩු දමා මිශ්‍ර කර ගන්න.
  • හොඳින් පදම් වනතුරු මෙම මිශ්‍රණය මිනිත්තු 15 - 20 තබන්න.
  • දැන් බිත්තර සුදු මදය එකතු කරන්න.
  • බැටර් එක සාදා ගැනීමට ඉරිඟු පිටි, පාන් පිටි , ගම්මිරිස් කුඩු , කහ කුඩු , මිරිස් කුඩු, ලුණු එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • පිටි මිශ්‍රණය සමග දැල්ලන් මිශ්‍ර කරගන්න.
  • ලා දුඹුරු පැහැ ගැන්වෙන තෙක් දැල්ලන් ගැඹුරු තෙලේ බැදගන්න.
  • හොඳින් මතක තියාගන්න දැල්ලන් බදින විට එය මද ගින්දරේ බැදගන්න. එසේ නොමැති වුව හොත් ඉක්මනින් බැටර් එක බැදෙන අතර දැල්ලන්ගේ මැද අමුවට හිටිනවා.
  • සෝස් පෑන් එකකට බටර් දමා එය රත් වුවාට පසු එයට චිලි පේස්ට් එකතු කරන්න. මෙහිදී ඔබට චිලි පේස්ට් වෙනුවට කෑලි මිරිස් , සීනි සහ ලුණු කුඩු එකතු කිරීමටද හැකි වෙනවා.
  • මෙයට ළුණු කොළ සහ මාළු මිරිස් එකතු කර මිනිත්තු 01 - 02 පමණ ළුණු කොළ බාගෙට තැම්බෙන තෙක් වසා තබන්න.
  • මෙයට දැල්ලන් දමා හොඳින් මිශ්‍ර වන පරිදි සියල්ල එකට කලවම් කරන්න.
  • අපි හදාගත්ත මේ බැදපු දැල්ලෝ එක උණු උණුවෙම පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to