පිම්බෙන ඔම්ලට් එකක් හදමු

හැමදාම පොඩියට බිත්තර ඔම්ලට් එකක් දාගෙන කන්නේ නැතුව මේ විදිහට fluffy ඔම්ලට් එකක් කාලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර කහ පාට කොටස- 03
  • බිත්තර සුදු පාට කොටස- 05
  • බටර් - මේස හැඳි 01
  • ලුණු
  • ගම්මිරිස්

සාදන ක්‍රමය:

  • බිත්තර වල සුදු පාට කොටසයි කහ පාට කොටසයි වෙන් කර ගන්න.
  • කහ පාට කොටස හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • සුදු පාට කොටසත් හොඳට ක්‍රීම් වෙනකන් බීට් කරන්න.
  • බිත්තර ටික හොඳට ක්‍රීම් ගතියට ආවාට පස්සේ මේ දෙකම එකට දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ බිත්තර ටික බටර් ගාපු තැටියකට දාලා මද ගින්දරේ තියන්න.
  • ටික වෙලාවක් යද්දී බටර් ටික අරගෙන තැන් තැන් වලින් ඔම්ලට් එක යටට දා ගන්න.
  • විනාඩි 05ක් මද ගින්දරේ මේ විදිහට ඔම්ලට් එක තියන්න.
  • ඔයාලාගේ රස පදමට ලුණුයි ගම්මිරිසුයි එකතු කර ගන්න.
  • පෑන් එකෙන් ඔම්ලට් එක එලියට අරන් මැද්දෙන් නමලා පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to