කෙසෙල් වලින් චොක්ලට් කේක් එකක්

ඉදුණු කෙසෙල් වලින් ගොඩක් කෑම ජාති හදන්න පුළුවන් කියලා අපි හැමෝම දන්නවනේ. මම මීට කලිනුත් කෙසෙල් වලින් රසම රස කේක් හැදුවා. හැබැයි ඒවා හැදුවේ බිත්තර දාලා. අපි අද හදන කේක් එක හදන්නේ බිත්තර නැතුව.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 130g
  • කොකෝවා පවුඩර් - 60g
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • සීනි - 150g
  • ලුනු සහිත බටර් - 120g
  • උකු කිරි - 120g
  • ඉදුණු කෙසෙල් - 300g
  • වැනිලා - තේ හැඳි 01
  • චොක්ලට් චිප්ස් - 140g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩයි එකට දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
  • දැන් වෙනමම බෝල් එකක කෙසෙල් ටික කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට පොඩි කර ගන්න. ඔයාලට මේ කෙසෙල් ටික බ්ලෙන්ඩර් කර ගන්නත් පුළුවන්.
  • කෙසෙල් මිශ්‍රණයයි, උකු කිරි ටිකයි, වැනිලා ටිකයි බටර් මිශ්‍රනයටම දාලා හොඳට කලවම් කරන්න.
  • කලින් කලවම් කර ගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික කෙසෙල් මිශ්‍රනයත් එක්ක කලවම් කරන්න.
  • දැන් මේකට චොක්ලට් චිප්ස් ටික දාලා කලවම් කරන්න.
  • කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා කේක් එකට උඩින් තවත් චොක්ලට් චිප්ස් ටිකක් දා ගන්න.
  • දැන් මේ කේක් එක 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 40-45ක් විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක හොඳටම නිමෙන්න තියලා රස බලන්න.
  • Eggless Chocolate Banana Cake
    Eggless Chocolate Banana Cake
    Eggless Chocolat Banana Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to