වැඩි වැඩ නැති චොක්ලට් කේක්

චොක්ලට් බිස්කට් දාලා හදන මේ කේක් එක තමයි චොක්ලට් බිස්කට් හදන්න තියන ලේසිම විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චොක්ලට් බිස්කට් - 400g
  • බිත්තර - 03
  • දිය කර ගත්ත බටර් - කෝප්ප 1/4
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • නැවුම් කිරි - මේස හැඳි 06
  • වැනිලා - තේ හැඳි 01
  • සාදන ක්‍රමය:

    • මුලින්ම චොක්ලට් බිස්කට් ටික බ්ලෙන්ඩර් එකකට දාලා කුඩු කර ගන්න. කුඩු කර ගත්ත බිස්කට් ටිකට බේකින් පවුඩර් ටික එකතු කර ගන්න.
    • වෙනමම බෝල් එකක බිත්තර ටික හොදට බීට් කරන්න. බිත්තර ටික හොඳට බීට් උනාට පස්සේ වැනිලා ටික දා ගන්න.
    • දැන් මේ බිත්තර ටිකට කුඩු කර ගත්ත බිස්කට් ටික දාන්න.
    • දිය කර ගත්ත බටර් ටිකයි කිරි ටිකයි දා ගන්න.
    • දැන් මේ බැටර් එක බේකින් ට්‍රේ එකකට දාගෙන විනාඩි 30ක් විතර 160C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
    Chocolate Biscuit Cake
    Chocolate Biscuit Cake
    Chocolate Biscuit Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to