රට ඉදි අළුවා / රට ඉදි ටොෆී

මේ පාර අවුරුද්දට රට ඉදි දාලා ටිකක් වෙනස් විදිහේ අළුවා ටිකක් හදලා බලමුද.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඇට රහිත රට ඉදි - 180g
  • රුලං - 65g
  • ටින් කිරි - 397g
  • සීනි - 200g
  • පොඩියට කපා ගත්ත කජු - 100g
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු සහිත බටර් - මේස හැඳි 01
  • නැවුම් කිරි - 50ml

සාදන ක්‍රමය:

  • මුලින්ම රුලං ටික පෑන් එකකට දාලා රුලං වල සුවද එනකන් ටිකක් වෙලා බැද ගන්න.
  • ඊළගට සීනි ටිකයි ටින් කිරි ටිකයි පෑන් එකකට දා ගන්න. නැවුම් කිරි ටික ටින් කිරි ටින් එකට දාලා හොඳට කලවම් කරලා ටින් එකේ ඉතුරු වෙලා තියන කිරි ටිකත් අරගෙන මේ පෑන් එකටම දා ගන්න.
  • දැන් මේ පෑන් එකේ ලිපේ තියලා දිගටම හැඳි ගාන ගමන් මද ගින්දරේ සීනි ටික දිය කර ගන්න.
  • සීනි ටික දිය උනහම බැද ගත්ත රුලං ටිකයි පොඩියට කපා ගත්ත රට ඉදි ටිකයි දාගෙන මිශ්‍රණය දිගටම මද ගින්දරේ උණු කරන්න. පෑන් එක ලිපෙන් අරගන්නකන්ම මිශ්‍රණය දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් එහෙම මිශ්‍රණය අඩිය අල්ලනවා.
  • මිශ්‍රණය ටිකක් ඝන උනහම වැනිලා ටිකයි පොඩියට කපා ගත්ත කජු ටිකයි දා ගන්න.
  • මිශ්‍රණය තව ටිකක් ඝන වෙලා ටිකක් ගුලි වෙන ගානට ආවහම බටර් ටික දා ගන්න ඕනේ.
  • අළුවා මිශ්‍රණය හොඳට ඝන වෙලා පෑන් එකේ ඇලෙන්නේ නැති මට්ටමට ආවහම ඉක්මනින් මිශ්‍රණය තැටියකට දාගෙන තුනී කර ගන්න. මේක මීට වඩා උණු වෙලා වැඩි උනොත් එහෙම ඔයාලගේ අළුවා එක ගොඩක් හයි වෙලා යයි.
  • දැන් මේ අළුවා එක ඝන වෙන්න කලින් කෑලි ටික කපා ගන්න.
  • අළුවා ටික හොඳටම නිමුනාට පස්සේ කෑලි ටික වෙන් කරගෙන සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
  • Dates Aluwa / Dates Toffee
    Dates Aluwa / Dates Toffee
    Dates Aluwa / Dates Toffee

    Contact DailyLife.lk

    or drop an E-Mail to