හදන්න ලේසිම ක්‍රීම් චීස් කේක් එක

චීස් කේක් අතරෙන් හැමෝටම හදා ගන්න පුළුවන් හරිම ලේසි හරිම රස කේක් එකක් තමයි මේ ක්‍රීම් චීස් කේක් එක.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සදහා

  • පාන් පිටි - 195g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • බේකින් සෝඩා - තේ හැඳි 1/4
  • ලුනු - තේ හැඳි 1/4
  • ලුනු රහිත බටර් (කාමර උෂ්ණත්වයේ) - 170g
  • ක්‍රීම් චීස් (කාමර උෂ්ණත්වයේ) - 113g
  • කුඩු කර ගත්ත සුදු සීනි - 275g
  • වැනිලා - තේ හැඳි 1 1/4
  • ලොකු බිත්තර - 03
  • ලෙමන් සියෙස්ට් (අනිවාර්ය නැත)

අවශ්‍ය ද්‍රව්‍ය - ක්‍රීම් චීස් ග්ලේස් එක සඳහා

  • කාමර උෂ්ණත්වයේ ක්‍රීම් චීස් - 120g
  • අයිසින් සීනි - 65g
  • විපින් ක්‍රීම් - මේස හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටියි, බේකින් පව්ඩර් ටිකයි, බේකින් සෝඩයි, ලුනු පොඩ්ඩකුයි එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට වෙනමම ටිකක් ලොකු බෝල් එකක බටර් ටික හොඳට සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් ක්‍රීම් චීස් ටිකත් මේකටම දාලා ඒ ටිකත් බටර් ටිකත් එක්ක හොඳට බීට් කර ගන්න.
  • ඊළගට සීනි ටිකෙන් ටික දදා බීට් කරන්න. මේ බැටර් එක ලා පාට වෙලා හොඳටම සොෆ්ට් වෙනකන් විනාඩි 5-7 විතර බීට් කර ගන්න ඕනේ.
  • දැන් මේකට වැනිලා ටිකකුයි ලෙමන් සියෙස්ට් ටිකකුයි දා ගන්න. මේකට ලෙමන් සියෙස්ට් දාන එක අනිවාර්යම නෑ. ඔයාලට කැමති නම් ටිකක් එකතු කර ගන්න පුළුවන්.
  • බිත්තර එකින් එක දදා හොඳට බීට් කරන්න.
  • බිත්තර ටික හොඳට කලවම් උනාට පස්සේ ඔයාලා කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය මේකට එකතු කර ගන්න.
  • අන්තිමටම මේ බැටර් එක අගල් 8 සයිස් එකේ රවුම් බේකින් ට්‍රේ එකකට දාලා විනාඩි 35-40 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • දැන් අපි යන්නේ කේක් එක උඩට දාන ග්ලේස් එක හදා ගන්න. ඒකට මුලින්ම ක්‍රීම් චීස් ටික හොඳට සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • ඊළගට මේකට අයිසින් සීනි ටිකත් දාලා බීට් කර ගන්න.
  • අන්තිමටම වැනිලා ටිකකුයි විපින් ක්‍රීම් ටිකයි එකතු කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක හොඳටම නිමුනාට පස්සේ කේක් එක බේකින් ට්‍රේ එකෙන් අයින් කර ගෙන හදා ගත්ත ක්‍රීම් චීස් ග්ලේස් එක කේක් එක උඩින් හැම තැනටම දාලා ලස්සන කර ගන්න.
  • Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake
    Cream Cheesecake

    Contact DailyLife.lk

    or drop an E-Mail to