ක්‍රීම් චීස් මාර්බල් බ්‍රව්නිස්

චොක්ලට් බ්‍රව්නිස් නම් ඉතින් ඕනේ කෙනෙක් දන්නා කෑමක් නේ. හැබැයි ක්‍රීම් චීස් එක්ක හදන මේ බ්‍රව්නි එක නම් ඔයාලට ටිකක් අළුත් දෙයක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය-බ්‍රව්නි බැටර් එක සදහා:

  • මාගරින් - 150g
  • චොක්ලට් - 200g
  • සීනි - 135g
  • බිත්තර - 04
  • වැනිලා - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - 25g
  • පාන් පිටි - 125g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි ¼
  • අවශ්‍ය ද්‍රව්‍ය- ක්‍රීම් චීස් මිශ්‍රණය සදහා:

  • ක්‍රීම් චීස් - 350g
  • සීනි - 70g
  • බිත්තර - 01
  • ඔරේන්ජ් සියෙස්ට් - ගෙඩි භාගයක පමණ
  • ඔරේන්ජ් ජුස් - 25 ml
  • Method

    • ක්‍රීම් චීස් මිශ්‍රණය සඳහා මුලින්ම ක්‍රීම් චීස් ටික හොඳට බීට් කරන්න.
    • දැන් ක්‍රීම් චීස් එකට සීනි, ඔරේන්ජ් සියෙස්ට්, ඔරේන්ජ් ජුස් හා බිත්තරය දාගෙන බීට් කරන්න.
    • මේ ඔක්කොම ටික හොඳට බීට් උනාට පස්සේ මේ ක්‍රීම් චීස් මිශ්‍රණය පැත්තකින් තියා ගන්න.
    • බ්‍රව්නි මිශ්‍රණය හදා ගන්න, පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, ලුනුයි, බේකින් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
    • චොක්ලට් ටිකයි, මාගරින් ටිකයි එකට දාලා දිය කර ගන්න.
    • දැන් මේ චොක්ලට් මිශ්‍රණයට සීනියි, බිත්තරෙයි, වැනිලා ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
    • කලින් හදා ගත්ත පිටි ටික මේ චොක්ලට් මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
    • පිටි ටික හොඳට චොක්ලට් ටිකත් එක්ක කලවම් උනාට පස්සේ මේ මිශ්‍රණය බේකින් පෑන් එකකට දාගන්න. චොක්ලට් බැටර් එකෙන් පොඩ්ඩක් ඉතුරු කර ගන්න අන්තිමට උඩින් දා ගන්න.
    • කලින් හදා ගත්ත ක්‍රීම් චීස් මිශ්‍රණය මේ බ්‍රවුනි මිශ්‍රණය උඩින් දා ගන්න.
    • ඉතුරු කර ගත්ත චොක්ලට් මිශ්‍රණය ටිකෙන් ටික ක්‍රීම් චීස් උඩින් දාගෙන ලස්සන රටා ටිකක් හදා ගන්න.
    • මේ බ්‍රව්නි එක 180° C ක උෂ්ණත්වයක විනාඩි 25ක් 30ක් විතර බේක් කර ගන්න.
    • බේක් වෙලා ඉවර උනාට පස්සේ මේක නිමෙන්න තියලා රස්නේ පිහියකින් කෑලි වලට කපා ගන්න.
    Cream Cheese Marbled Brownies
    Cream Cheese Marbled Brownies
    Cream Cheese Marbled Brownies
    Cream Cheese Brownies
    Cream Cheese Brownies

    Contact DailyLife.lk

    or drop an E-Mail to