උයන පිහින රහස්

අපි හැමෝම cook කරන්න කොතරම් දැන ගෙන හිටියත් අපට ඉවුම් පිහුම් කරන අවස්ථා වලදී යම් යම් ගැටළු වලට මුහුණ පෑමට සිදු වෙනවා. එම ගැටළු වලට විසදුම් දැන ගෙන සිටියොත් ඔබට cook කරන එක තව දුරටත් කරදරයක් වෙන එකක් නෑ.

අප දැකලා තිබෙනවා සමහර කාන්තාවන් මැල්ලුම් මලවන කොට එය බොහෝ වෙලාවක් ලිප තබා ගෙන මලවනවා. නමුත් මැල්ලුම් මලවීමේදී එහි කොළ පැහැය ආරක්ෂා වන ආකාරයට තමයි මැල්ලුම් මලවන්න ඕනේ. එසේ කිරීමෙන් ආහාරයේ පෝෂ්‍ය ගුණය වැඩි වෙනවා.

සහමර විට ආහාර වලට salt එක කිරීමේදී අප අතින් එය පමණට වඩා වැඩි වෙනවා. ඒ වෙලාවට අල පෙත්තක් හෝ ඇපල් කැබැල්ලක් දැමීම මගින් salt ගතිය අඩු කර ගන්න පුළුවන්.

සමහර කාන්තාවන් පලා සොදන්නේ එය ලියා අවසන් උනාට පස්සේ. නමුත් මෙසේ කිරීම මගින් එහි පෝෂ්‍ය ගුණය අඩු වෙන්න පුළුවන්. එම නිසා හොදම දේ තමයි පලා ලියා ගැනීමට පෙර එය සෝදා ගැනීම.

පොල් ගෙඩිය පලා ගත්තට පස්සේ අපි පුරුදු වෙලා ඉන්නේ අතට අහු වෙන ඕනෙම බෑයක් පළමුව ගාන්න. නමුත් පොල් ගෙමේදී පළමුව ගා ගත යුත්තේ හිල් සහිත බෑයයි. Reason එක තමයි හිල් සහිත ප්‍රදේශයේ අංකුරය හට ගන්න බැවින් එය ඉක්මනින් නරක වීම.

Fridge එකේ තිබුන fish or meat එක පාර කපා ගැනීමට අපහසු නිසා අප කරන්නේ එය උයන්න ටික වෙලාවකට පෙර fridge එකෙන් ඉවතට අරන් තැබීම. නමුත් ඔබට ඉතා හදිස්සියේ උයා ගැනීමට අවශ්‍ය නම් මේ ආකාරයට fridge එකෙන් පිටත ටික වෙලාවක් තැබීමට ඔබට කාලය මදි විය හැකියි. Fish or meat ඉක්මනින් මෘදු කර ගැනීමට කල හැකි දෙයක් තමයි පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ ටික වෙලාවක් බහා තැබීම.

Contact DailyLife.lk

or drop an E-Mail to