ටින් කිරි වලින් කිරිබත්

කිරිබත් කියන්නේ ඉතින් අවුරුදු කෑම මේසේ අනිවාර්යෙන්ම තියන කෑමක්. කිරිබතුත් එක එක විදිහට හදා ගන්න පුළුවන්. කිරිබත් එකේ කිරි රස තවත් වැඩි වෙන්නත් එක්ක මේ තියෙන්නේ ටින් කිරි මිශ්‍ර කිරිබතත් හදා ගන්න හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ටින් කිරි - 397g
  • සුදු කැකුළු හාල් - 400g
  • වතුර - කෝප්ප 03/04
  • උකු පොල් කිරි - කෝප්ප 02
  • ලුනු - තේ හැඳි 02
  • වියළි මිදී සහ කජු (අනිවාර්ය නැත)

සාදන ක්‍රමය:

  • කැකුළු හාල් ටික සෝදලා අරගෙන කිරිබත් හදන භාජනයට දා ගන්න. මේ හාල් ටික වැහෙන මට්ටමට වෙනකන් වතුර දාලා සාමාන්‍යයෙන් බත් උයන විදිහට මේ හාල් ටික උයා ගන්න.
  • පොල් කිරි ටිකට ලුනු දාලා දිය කර ගන්න. පොල් කිරිත් එක්ක ලුනු දිය කරලා දාපුවහම හැම කිරිබත් කෑල්ලකටම ලුනු රස හොඳට අල්ලනවා. උකු කිරි ටිකත් පොල් කිරිත් එක්ක දිය කර ගන්න.
  • කැකුළු හාල් ටික හොඳට ඉදුනාට පස්සේ මේකට කිරි ටික දාලා කලවම් කරන්න. කිරි දාපු වෙලේ ඉදන් මේ කිරිබත් එක දිගටම හැඳි ගාන්න ඕනේ. නැත්නම් එහෙම අඩිය අල්ලලනවා. ඔයාලා හැඳි ගානකොට යටිනුත් හොඳට කලවම් වෙන්න හැඳි ගාන්න.
  • කිරි ටික ටිකක් බත් වලට උරා ගත්තාට පස්සේ වියළි මිදී ටිකයි කපා ගත්ත කජු ටිකයි දාන්න.
  • කිරි ටික ඔක්කොම බත් වලට හොඳට උරා ගෙන බත් ටික ගුලි වෙන මට්ටමට ආවහම මේක ලිපෙන් බා ගන්න. කිරිබත් ටික පැතලි ට්‍රේ එකකට දාලා මට්ටම් කරගෙන කෑලි වලට කපා ගන්න.
  • මේ කිරිබත් එකට ටින් කිරි දාපු නිසා මේ කිරිබත් එක සාමාන්‍ය කිරිබත් එකකට වඩා ටිකක් පැණි රසයි. ඒක හින්දා ලුණු මිරිස් එක්ක කනවාට වඩා කෙසෙල් ගෙඩි එක්ක වගේ නම් මේ කිරිබත් එක හරිම රසයි.
Milk Rice while cooking
Milk Rice before cutting
Milk Rice with condensed milk
Milk Rice with condensed milk
Milk Rice with condensed milk

Contact DailyLife.lk

or drop an E-Mail to