ලස්සන පාටට පොල් ටොෆී

පොල් ටොෆී හරිම ඉක්මනින් ලේසියට බොහොම පොඩි ද්‍රව්‍ය ටිකකින් හදා ගන්න පුළුවන් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හීනියට ගාගත්ත පොල් - 200g
  • සීනි - 300g
  • වැනිලා - තේ හැඳි 01
  • කලරින් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි ½

සාදන ආකාරය:

  • ගාගත්ත පොල් ටිකයි, සීනියි, ලුනු ටිකයි එකට කලවම් කරන්න.
  • භාජනේ ලිපේ තියලා සීනි දිය වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න.
  • සීනි දිය වෙනකොට වැනිලා ටික දාන්න.
  • ඊළගට කලරින් ටික දාලා කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය හොඳට හැන්දට බර ගතිය ඇවිත් එකට ගුලි වෙන ගානට අවහම ලිපෙන් බා ගන්න.
  • දැන් මේ ටික ට්‍රේ එකකට දාගෙන හොඳට පැතලි කෑලි වලට කපා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to