පොල් කිරි වලින් රස පුඩිමක්

හරිම අඩු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදා ගන්න පුළුවන් රසම රස පුඩින් එකක් තමයි මේ පොල් කිරි පුඩින් එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු පොල් කිරි - 750ml
  • කොර්න් පිටි - 70g
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • සීනි - 60g
  • ෆුඩ් කලරින්
  • දිසිදි පොල්
  • සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට පොල් කිරියි, කොර්න් පිටි ටිකයි දාලා කොර්න් පිටි ටික හොඳට පොල් කිරිත් එක්ක දිය .කර ගන්න. ඔයාලා පොල් කිරි ගනිද්දී හොඳට උකු පොල් කිරි අර ගන්න.
  • දැන් මේකට සීනියි, ලුනුයි, වැනිලා ටිකයි දා ගන්න.
  • ඊළගට පෑන් එක ලිපේ තියලා පුඩින් මිශ්‍රණය ඝන වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් රත් කරන්න.
  • මිශ්‍රණය ඝනට වැක්කෙරෙන ගානට එනකොට ලිප ඔෆ් කරන්න.
  • දැන් මේ පුඩින් මිශ්‍රණයෙන් භාගයක් පුඩින් එක හදන භාජනයට දා ගන්න.
  • මිශ්‍රනේ ඉතුරු ටිකට ඔයාලා කැමති පාටකින් කලරින් බින්දු කීපයක් මිශ්‍ර කරලා ඒ ටිකත් පුඩින් භාජනේ උඩටම දා ගන්න.
  • දැන් මේ පුඩින් එක හොඳට සෙට් වෙනකන් පැත්තකින් තියලා තියන්න. මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නෑ. නිකන් එලියේ තිබ්බහම සෙට් වෙනවා. ඔයාලාට මේක ගොඩක් ඉක්මනට සෙට් කර ගන්න ඕනේ නම් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩින් එක හොඳටම සෙට් උනාට පස්සේ පුඩින් එක භාජනයෙන් එලියට අරගෙන පුඩින් එක උඩින් දිසිදි පොල් ටිකක් ඉහලා ලස්සන කර ගන්න.
  • Coconut Milk Pudding
    Coconut Milk Pudding
    Coconut Milk Pudding
    Coconut Milk Pudding
    Coconut Milk Pudding

    Contact DailyLife.lk

    or drop an E-Mail to