නත්තලට පොල් අයිස්

නත්තලට සාදා ගන්න පුළුවන් තවත් රසවත් කෑමක් තමයි christmas ice කියන්නේ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් සහ පහසුවෙන්ම සාදාගන්න පුළුවන් පැණි රස කෑමක් තමයි අද අපි කියල දෙන්න හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොල් කුඩු - 300g
  • අයිසින් සීනි - 300g
  • උකුකිරි - කුඩා ටින් 01
  • කලරින් බිංදු කිහිපයක්

සාදන ආකාරය:

  • බෝල් එකක් ගෙන එයට අයිසින් සීනි හා පොල් කුඩු දමා මිශ්‍ර කරන්න.
  • එයට උකුකිරි ද එකතු කරන්න.
  • හොඳින් මිශ්‍ර වුවාට පසු බෝල් දෙකකට මෙම මිශ්‍රණය සමාන ප්‍රමාණ වලින් බෙදා දමාගන්න.
  • එක බෝල් එකකට ඔබ කැමති ආකාරයේ ආහාර සඳහා යොදන වර්ණකයක් මා හොඳින් මිශ්‍ර කරගන්න.
  • තැටියක් ගෙන එයට පාට නොකරපු කොටස දමා ගන්න.
  • ඊට උඩින් පාට කළ කොටස දමා ගන්න.
  • උඩින් කොළයක් දමා වසා ශීතකරණයේ ඝනවන තුරු තබන්න.
  • හොඳින් ඝන වුවාට පසු කෑලි කපාගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to