චොක්ලට් මාබල් බනානා බ්‍රෙඩ්

මේ චොක්ලට් මාබල් බනානා බ්‍රෙඩ් එක තේ වෙලාවට නම් නියම කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉදුණු කෙසෙල් - 180g
  • බිත්තර - 02
  • සීනි - 150g
  • දිය කර ගත්ත ලුනු සහිත බටර් - 100g
  • නැවුම් කිරි - 125ml
  • වැනිලා - තේ හැඳි 01
  • පාන් පිටි - 200g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - 30g
  • නැවුම් කිරි - මේස හැඳි 02
  • සාදන ක්‍රමය:

  • මුලින්ම ටිකක් ලොකු බෝල් එකක බිත්තරයි, සීනියි, දිය කර ගත්ත බටර් ටිකයි එකට දාලා ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • කෙසෙල් ගෙඩි ටිකත් බ්ලෙන්ඩර් කප් එකකට දාලා පේස්ට් එකක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් මේ කෙසෙල් ටිකත් කලින් බීට් කර ගත්ත බිත්තර එකටම දා ගන්න.
  • බීට් කරන අතර තුරේදී කිරි ටිකයි වැනිලා ටිකයි දා ගන්න.
  • පිටියි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩා ටිකයි එකට දාලා කලවම් කරලා මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික බිත්තර මිශ්‍රණයට දා ගන්න.
  • වෙනමම පොඩි බෝල් එකක කොකෝවා පවුඩර් ටික කිරි ටිකත් එක්ක කලවම් කර ගන්න. කේක් බැටර් එකෙන් කොප්පෙක විතර ප්‍රමාණයක් අර ගෙන කොකෝවා මිශ්‍රණයට දා ගන්න.
  • දැන් ලොෆ් පෑන් එකක් අරගෙන එකේ යටටම කේක් බැටර් එකෙන් භාගයක් දා ගන්න. දැන් මේකට උඩින් කොකෝවා බැටර් එක දා ගන්න. අන්තිමට ඉතුරු කේක් බැටර් ටික දා ගන්න. දැන් පිහියකින් රවුම් ටිකක් හදා ගෙන මේ කේක් එක 180C කට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 40-45 විතර බේක් කර ගන්න.
  • Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread
    Chocolate Marble Banana Bread

    Contact DailyLife.lk

    or drop an E-Mail to