රස වගේම ලස්සන චොක්ලට් ක්‍රීප් කේක්

අපි අද හදන්නේ රස විතරක් තියන කේක් එකක් නෙමේ. දැක්කහම හරිම ලස්සන කේක් එකක්. චොක්ලට් පෑන් කේක්, විපින් ක්‍රීම්, චොක්ලට් මේ ඔක්කොම එකතු උන මේ කේක් එක එක පාරක් හරි ගෙදර හැදුවොත් නම් ඔයාලාට පුදුම සතුටක් දැනේවි.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් මිශ්‍රණය සදහා

  • බටර් - 60g
  • නැවුම් කිරි - 500ml
  • පාන් පිටි - 225g
  • කොකෝවා පවුඩර් - 80g
  • සීනි - 70g
  • බිත්තර - 06
  • විපින් ක්‍රීම් - 500ml
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සදහා

  • විපින් ක්‍රීම් - 200ml
  • සීනි - 40g
  • චොක්ලට් - 170g
  • බටර් - මේස හැඳි 01
  • සැරසීමට අයිසින් සීනි ටිකක්
  • සාදන ක්‍රමය:

    • මුලින්ම බටර් ටික මයික්‍රෝවේව් එකකට දාලා දිය කර ගෙන පැත්තකින් තියා ගන්න.
    • කිරි ටිකත් ටිකක් වෙලා රත් කර ගන්න.
    • දැන් බෝල් එකක් අරගෙන පිටියි, සීනියි, කොකෝවා පවුඩර් ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
    • දැන් අපි බිත්තර ටික ඔක්කොම පිටි එකට දාලා හොඳට බීට් කර ගම්මු.
    • බිත්තර ටික පිටිත් එක්ක කලවම් උනාට පස්සේ මේකට දිය කර ගත්ත බටර් ටික දාන්න.
    • දැන් නැවුම් කිරි ටිකෙන් ටික දදා මේ ටික හොඳට කලවම් කර ගන්න.
    • බැටර් එක ලෑස්ති කර ගත්තාට පස්සේ බැටර් එකෙන් ටිකෙන් ටික පෑන් එකකට දාගෙන ටිකක් තුනී පෑන් කේක් එකක් හදා ගන්න. එක පැත්තක් විනාඩි 2ක් විතර උයාගෙන පෑන් කේක් එක අනිත් පැත්ත හරවන්න. ඒ පැත්තත් තවත් විනාඩියක් දෙකක් විතර උයා ගන්න. මේ විදිහට හදාගත්ත බැටර් එක ඔක්කොම ඉවර වෙනකන් පෑන් කේක් ටික හදා ගන්න. ඔක්කොම පෑන් කේක් ටික හදා ගත්තාට පස්සේ මේ ටික නිමෙන්න තියන්න.
    • දැන් වෙනමම බෝල් එකක් අරගෙන ඒකට විපින් ක්‍රීම් ටික දාලා හොඳට බීට් කරන්න.
    • ඊළගට කේක් බෝර්ඩ් එකක් අරගෙන ඒක උඩින් පෑන් කේක් එකක් තියා ගන්න. දැන් මේ පෑන් කේක් එක උඩින් බීට් කර ගත්ත විපින් ක්‍රීම් ටිකක් තියා ගන්න. විපින් ක්‍රීම් වලට උඩින් ආයෙත් පෑන් කේක් එකක් තියා ගන්න. දැන් අයෙත් විපින් ක්‍රීම් දාන්න. මේ විදිහට ඔක්කොම පෑන් කේක් ටික ඉවර වෙනකන් මාරුවෙන් මාරුවට ලේයර්ස් හදා ගන්න. ඔක්කොම ලේයර්ස් ටික හදා ගත්තාට පස්සේ කේක් එක ටිකක් සෙට් වෙනකන් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
    • කේක් එක සෙට් වෙනකන් අපි චොක්ලට් මිශ්‍රණය හදා ගම්මු. ඒකට චොක්ලට් ටිකයි, සීනියි, බටර් ටිකයි, විපින් ක්‍රීම් ටිකයි එකට දාලා දිය කර ගම්මු.
    • කේක් එක සෙට් උනහම කේක් එක ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන රවුම් භාජනයක් තියලා කේක් එක වටේට රවුම් හැඩේට කපා ගන්න.
    • දැන් කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩින් වක්කර ගන්න.
    • කේක් එක තව ටිකක් ලස්සන වෙන්න අපි මේ කේක් එකට උඩින් අයිසින් සීනි ටිකකුත් ඉහ ගම්මු.
    • දැන් මේ කේක් එක තව ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඊට පස්සේ රස විදින්න.
    Chocolate Crepe Cake
    Chocolate Crepe Cake
    Chocolate Crepe Cake
    Chocolate Crepe Cake
    Chocolate Crepe Cake
    Chocolate Crepe Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to