චොක්ලට් සහ පොල් බ්‍රව්නිස් ලේසියෙන් හදමු

හරිම ලේසි මේ බ්‍රව්නි එක චොක්ලට් අතුරුපස වලට කැමති ඔයාලටමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් - 170g
  • චොක්ලට් - 100g
  • ක්ෂණික කෝපි කුඩු - තේ හැඳි 01
  • සීනි - 200g
  • බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • කොකෝවා පව්ඩර් - මේස හැඳි 01
  • පාන් පිටි - 95g
  • ගාගත්ත පොල් - 250g
  • ටින් කිරි - 340g
  • චොක්ලට් - 120g
  • ටින් කිරි හෝ විපින් ක්‍රීම් - 100g

සාදන ක්‍රමය

  • චොක්ලට් ටිකයි බටර් ටිකයි එකට දාලා හොඳට දිය කර ගන්න.
  • ඊළගට ලිප නිවලා කෝපි කුඩු ටිකත් මේකටම දාලා දිය කර ගන්න.
  • දැන් සීනි ටික එකතු කර ගන්න.
  • සීනි ටිකත් දිය වෙනකන් කලවම් කරලා මේක නිමෙන්න ටිකක් වෙලා තියලා තියන්න.
  • බිත්තර එක එක දදා හොඳට කලවම් කරන්න.
  • වැනිලා ටිකයි ලුනු ටිකයිත් දාගන්න.
  • කොකෝවා පව්ඩර් ටිකයි පිටි ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180°C ක උෂ්ණත්වයක විනාඩි 30ක් 35ක් විතර බේක් කර ගන්න.
  • මේක බේක් වෙන අතරතුරේදී අපිට උඩින් දාන පොල් මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒකට පොල් වලට ටින් කිරි ටික දාලා හොඳට කලවම් කරන්න.
  • බ්‍රව්නි එක බේක් වෙලා ඉවර උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා හදාගත්ත පොල් මිශ්‍රණය මේකට උඩින් දාලා හොඳට පැතලි කර ගන්න.
  • ඊළගට චොක්ලට් ටිකට ටින් කිරි ටික දාලා හොඳට කෑලි හිටින්නේ නැති වෙන්න දිය කර ගන්න.
  • දැන් මේ චොක්ලට් මිශ්‍රණය බ්‍රව්නි එක උඩින් දාගන්න.
  • මේ බ්‍රව්නි එක හොඳට සෙට් වෙනකන් පැයක් දෙකක් විතර ශීතකරණයේ තියන්න.
Chocolate Coconut Brownies
Chocolate Coconut Brownies
Chocolate Coconut Brownies

Contact DailyLife.lk

or drop an E-Mail to