බටර් කේක් එකට රස වෙනසක්

නිකන්ම නිකන් බටර් කේක් එකක් වෙනුවට ඔයාලත් මේ රසම රස චොක්ලට් චන්ක් බටර් කේක් එක හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 250g
  • සීනි - 250g
  • බටර් - 250g
  • බිත්තර - 04
  • නැවුම් කිරි - කෝප්ප 1/2
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • වැනිලා - තේ හැඳි 01
  • චොක්ලට් චන්ක්ස් - 130g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම සීනියි බටරුයි එකට දාලා ඒ ටික ක්‍රීම් ගතියට එනකන් හොඳට බීට් කර ගන්න.
  • ඊළගට බිත්තර එකින් එක දා ගන්න.
  • දැන් වැනිලා ටික එකතු කරන්න.
  • පිටි වලට බේකින් පවුඩර් ටික දාලා හලා ගෙන ඒ ටිකත් බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.
  • දැන් කිරි ටික දා ගන්න.
  • අන්තිමට චොක්ලට් කෑලි ටික දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ කේක් එක 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35-40 විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.
  • Chocolate Chunk Butter Cake
    Chocolate Chunk Butter Cake
    Chocolate Chunk Butter Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to