චොක්ලට් චිප් කුකීස්

කුකී කන්න කැමති කෙනෙක් ඉල්ලන හැම දෙයක්ම මෙන්න මේ කුකී එකේ තියනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් - 115g
  • සුදු සීනි - 50g
  • දුඹුරු සීනි - 100g
  • බිත්තර - 01
  • වැනිලා - තේ හැඳි 1/2
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • පාන් පිටි - 190g
  • චොක්ලට් චිප්ස් - 160g

සාදන ක්‍රමය

  • බටර් ටික මද ගින්දරේ හොඳට දිය කර ගන්න.
  • බටර් ටිකත් එක්ක සීනි ටික කලවම් කරලා නිමෙන්න පැත්තකින් තියලා තියන්න.
  • මේක ටිකක් නිමුනාට පස්සේ බිත්තර දාලා කලවම් කරන්න.
  • වැනිලා, බේකින් සෝඩා හා ලුනු එකතු කර ගන්න.
  • පිටි ටික දාලා කලවම් කරන්න.
  • අන්තිමට චොක්ලට් චිප්ස් ටික දාලා හොඳට කලවම් කරන්න.
  • මේ කුකී එක විනාඩි 20ක් විතර 180°C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.
Chocolate Chip Cookies
Chocolate Chip Cookies
Chocolate Chip Cookies
Chocolate Chip Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to