චොක්ලට් කැරමල් පෝක් කේක්

චොක්ලට් කැරමල් පෝක් කේක් එක ඔයාලට නත්තලට හදා ගන්න පුළුවන් තවත් රසම රස කෑමක්. උකු කිරි මැදි උන චොක්ලට් කේක් එකත් එක්ක කැරමල් විපින් ක්‍රීම් එකතු උනහම රස කොහොමද කියලා ඔයාලම මේ කේක් එක හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් කේක් එක සදහා

  • පාන් පිටි - 220g
  • කොකෝවා පවුඩර් - 80g
  • බේකින් සෝඩා - තේ හැඳි 2
  • ලුනු - තේ හැඳි 1/2
  • සීනි - 300g
  • බිත්තර - 2
  • දිය කර ගත්ත බටර් - 100g
  • නැවුම් කිරි - 240ml
  • වැනිලා - තේ හැඳි 2
  • උණු වතුර - 100ml
  • අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම් සඳහා

  • උකු කිරි - 397g
  • අවශ්‍ය ද්‍රව්‍ය: කැරමල් සෝස් සඳහා

  • සීනි - 100g
  • උණු වතුර - 30ml
  • විපින් ක්‍රීම් - 60ml
  • ලුනු සහිත බටර් - මේස හැඳි 1
  • වැනිලා - තේ හැඳි 1
  • අවශ්‍ය ද්‍රව්‍ය: කැරමල් විපින් ක්‍රීම් සඳහා

  • විපින් ක්‍රීම් - 225ml
  • කැරමල් සෝස් - 85g
  • අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීම සඳහා

  • කුඩාවට කපා ගත කජු හෝ රට කජු
  • සාදන ක්‍රමය:

    • මුලින්ම පිටියි කොකෝවා පවුඩර් ටිකයි, බේකින් සෝඩයි, ලුනුයි එකට දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
    • ඊළගට වෙනමම බෝල් එකක බිත්තරයි, දිය කර ගත්ත බටරුයි, සීනියි එකට දාලා හොඳට බීට් කරන්න.
    • බිත්තර මිශ්‍රණය ටිකක් ඝන උනහම ඒකට වැනිලා ටිකයි නැවුම් කිරි ටිකයි දා ගන්න.
    • දැන් අපි කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය ටික ටික මේකට දදා කලවම් කරන්න.
    • ඊළගට උණු වතුර ටික දා ගන්න.
    • දැන් මේ බැටර් එක බේකින් ට්‍රේ එකකට දාලා 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 30ක් විතර බේක් කර ගන්න.
    • බේක් කරලා ඉවර උන ගමන් කේක් එක රස්නේ තියෙද්දීම ලී හැඳි මිටකින් කේක් එකේ හැම තැනම පොඩි හිල් ටිකක් හදා ගන්න. දැන් මේ හිල් ටික උකු කිරි වලින් පුරවාගෙන මේ ටික සෙට් වෙනකන් පැයක් විතර කේක් එක ෆ්‍රිජ් එකේ තියන්න.
    • කේක් එක සෙට් වෙන අතරතුරේදී කැරමල් සෝස් එක හදා ගන්න. ඒකට මුලින්ම පෑන් එකකට සීනි ටිකක් දාලා ඒ ටික දුඹුරු පාට වෙනකන් උණු කර ගන්න.
    • දැන් මේකට උණු වතුර ටිකයි ඉතුරු සීනි ටිකයි දා ගන්න.
    • සීනි ටික නූල් ඇදෙන ගානට උණු උනහම ඒකට විපින් ක්‍රීම් ටික දාලා තවත් විනාඩියක් විතර රත් කර ගන්න.
    • දැන් පෑන් ලිපෙන් අහකට අරගෙන බටර් ටිකයි වැනිලා ටිකයි දාලා කලවම් කරලා මේක නිමෙන්න පැත්තකින් තියලා තියන්න.
    • දැන් වෙනමම ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට විපින් ක්‍රීම් ටික දාලා හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න.
    • ඊළගට කලින් හදා ගත්ත කරමල් සෝස් එකෙන් 85g ක විතර ප්‍රමාණයක් බීට් කර ගත්ත විපින් ක්‍රීම් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න.
    • දැන් කලින් හදා ගත්ත කේක් එක උඩින් මේ කැරමල් විපින් ක්‍රීම් ටික දාලා හොඳට සමතලා කර ගන්න.
    • ඉතුරු කර ගත්ත කැරමල් සෝස් එක කේක් එක උඩින් දාලා ලස්සන කර ගන්න. මේ වෙලාව වෙනකොට ඔයාලගේ කැරමල් සෝස් එක ඝන වෙලා වැඩි නම් එහෙම තව පොඩ්ඩක් වෙලා ආයෙත් රත් කරලා අර ගන්න. ටුත් පික් එකකින් ඔයාලට මේකේ ලස්සන රටාවක් ඇද ගන්න පුළුවන්.
    • කේක් එක තව ටිකක් ලස්සන වෙන්න කේක් එකට උඩින් පොඩියට කපා ගත්ත කජු ටිකක් හරි රට කජු ටිකක් හරි ඉහ ගන්න.
    • දැන් මේ කේක් එක හොඳටම සෙට් වෙනකන් තවත් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන රස විදින්න.
    Chocolate Caramel Poke Cake
    Chocolate Caramel Poke Cake
    Chocolate Caramel Poke Cake
    Chocolate Caramel Poke Cake
    Chocolate Caramel Poke Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to