චොක්ලට් කේක්

චොක්ලට් කේක් හරිම පහසුයි හදන්න. ඒ වගේම තමයි ඒකෙ තියෙන රස. ඔයාලා කන්න පටන් ගත්තොත් එක කෑල්ලෙන් නම් නවත්වන්නේ නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි 200 g
  • කොකෝවා පවුඩර් 50 g
  • සීනි 250 g
  • මාගරින් 250 g
  • බිත්තර 04
  • කිරි මේස හැඳි 04
  • බේකින් පවුඩර් තේ හැඳි 02
  • වැනිලා තේ හැඳි 02

සාදන ආකාරය:

  • පළමුව පිටි සමග බේකින් පව්ඩර් මිශ්‍ර කරන්න.
  • බිත්තර බීට් කර ගෙන පසෙකින් තබාගන්න.
  • මාගරින් සහ සීනි බීටි කරගන්න. බීටරයක් මේ සඳහා යොදා ගැනීම ඉතා පහසු වෙනවා. ඔබ අතින් බීට් කරනවා නම් මිනිත්තු 15 - 20 හොදින් බීට් කර ගත යුතු වෙනවා.
  • මාගරින් හොඳට බීට් වුවාට පසු බිත්තර එකතු කර බීට් කරගන්න.
  • මීළඟට වැනිලා සහ කිරි එකතු කරන්න.
  • වැනිලා සහ කිරි එකතු කර ගැනීමෙන් පසුව පිටි එකතු කරන්න. සියලුම පිටි එකවර එකතු කරන්නේ නැතිව ටිකෙන් ටික මිශ්‍රණයට පිටි එකතු කරගන්න.
  • මිශ්‍රණය තැටියකට දමා ගන්න.
  • කලින් රත් කර ගත් අවන් එකක් තුල 180° C උෂ්ණත්වයට මිනිත්තු 35 - 40 කේක් එක පුළුස්සා ගන්න.
  • නිවෙන්නට හැර කෑලි කපාගන්න
Chocolate Cake
Chocolate Cake
Pieces of Chocolate Cake

Contact DailyLife.lk

or drop an E-Mail to