සුපිරි චිලී පේස්ට් එකක් හදමු

මේ විදිහට ගෙදරදී හදා ගන්න චිලී පේස්ට් එකක් එක්ක ඕනේ දෙයක් ඔයාලට රසට කන්න පුළුවන්. කිසිම රස කාරකයක් දාන්නේ නැතුව හදන හින්දා ශරීරයටත් හොඳයි. මේ චිලී පේස්ට් එක ඔයාලට මාස දෙක තුනක් උනත් තියා ගෙන කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෑලි මිරිස් - 130g
  • වියළි කූනිස්සෝ - 60g
  • පොල් තෙල් - 150ml
  • සීනි - මේස හැඳි 03
  • ලුනු - තේ හැඳි 02
  • සෝයා සෝස් - මේස හැඳි 02
  • තක්කාලි සෝස් - මේස හැඳි 01
  • ලොකු ළුණු - 01
  • කරපිංචා - ඉති 02
  • සුදු ළුණු - බික් 12
  • ඉඟුරු - අගල් 2ක් කෑල්ලක්

සාදන ක්‍රමය:

  • මුලින්ම තාච්චියක තෙල් ටිකක් රත් කරලා ඒකට කපා ගත්ත ළුණු ටික දාලා බැද ගන්න.
  • ඊළගට ඉඟුරු සුදු ළුණු ටික බැද ගන්න.
  • කරපිංචා ටිකත් ටිකක් බැද ගන්න.
  • අන්තිමට සෝදලා වේලා ගත්ත කූනිස්සෝ ටික රන්වන් පාට වෙනකන් බැද ගන්න.
  • දැන් මේ බැද ගත්ත ටික ඔක්කොම බ්ලෙන්ඩර් එකකට දාලා කුඩු කර ගන්න.
  • සීනි වලට ලුනුයි, සෝයා සෝස් ටිකයි දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • දැන් ආයෙත් ඇතිලියක් ලිපේ තියලා එකේ තෙල් ටිකක් රත් කර ගන්න. තෙල් ටික රත් උනහම කෑලි මිරිස් ටික දාලා කලවම් කර ගන්න. කලවම් කරනකොට මේ තෙල් ටික කෑලි මිරිස් වලට උරා ගන්නවා.
  • ඊළගට බැදලා කුඩු කර ගත්ත ටික දා ගන්න.
  • දැන් සීනිත් එක්ක දිය කර ගත්ත සෝයා සෝස් ටික දාන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා ඔයාලගේ රස පදමට ලුනුයි සීනියි ඇතිද කියලා බලලා ඇතිළිය ලිපෙන් බා ගන්න.
  • අන්තිමට තක්කාලි සෝස් ටික දාලා කලවම් කර ගන්න.
  • දැන් මේ හදා ගත්ත චිලී පේස්ට් ටික ජීවානුහරණය කල වීදුරු බෝතලයකට දාලා හිර වෙන්න වහලා දවසක් තියලා තියන්න. චිලී පේස්ට් එක හදලා ඉවර වෙලා ගොඩක් වෙලා රස්නේ අතිලියේ තියන්න එපා. එතකොට අතිලියේ රස්නෙට තෙල් ටික හිඳිලා යයි. චිලී පේස්ට් එක කල් තියා ගන්න නම් කෑලි මිරිස් ටික හොඳට තෙල් වලින් වැහිලා තියෙන්නේ ඕනේ. නැත්නම් එහෙම මිරිස් ටික පුස් කනවා. දවසක් බෝතලේ වහලා තියලා තිබ්බහම තෙල් ටික හොඳට උඩට උනලා චිලී පේස්ට් එක ගානට හරි යනවා.
  • මේ චිලී පේස්ට් එක ඔයාලට මාස දෙක තුනක් උනත් කල් තියා ගෙන කන්න පුළුවන්.
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste
Sri Lankan Chili Paste

Contact DailyLife.lk

or drop an E-Mail to