බටර් චිකන්

ඉන්දියානු කෑම අතරින් මම වැඩියෙන්ම ආස කරන කෑමක් තමයි බටර් චිකන්. රසම රසට හදා ගත්ත බටර් චිකන් එකක් එක්ක නාන්, පාන්, බත් වගේ ඕනෙම දෙයක් රසට කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකුල් මස් මිශ්‍රණය සඳහා

  • කටු රහිත කුකුල් මස් - 500g
  • ඉඟුරු සුදු ළුණු පේස්ට් - මේස හැඳි 01
  • යෝගට් / මී කිරි - කෝප්ප 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 01
  • විනාකිරි / දෙහි යුෂ - මේස හැඳි 01
  • තෙල් / බටර් - මේස හැඳි 05
  • අවශ්‍ය ද්‍රව්‍ය: තක්කාලි මිශ්‍රණය සඳහා

  • තක්කාලි - 600g
  • සුදු ළුණු - බික් 04
  • ඉඟුරු - අගලක කෑල්ලක්
  • කරාබු නැටි - 02
  • කරදමුංගු - 03
  • අමු මිරිස් - 01
  • ගරම් මසාලා - තේ හැඳි 01
  • සුදුරු - තේ හැඳි 01
  • රස පදමට ලුනු
  • සීනි - තේ හැඳි 1/2
  • කජු - 20
  • බටර් - මේස හැඳි 2-3
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • විපින් ක්‍රීම් - කෝප්ප 1/2
  • ළුණු - 01
  • වතුර - කෝප්ප 1/4
  • බටර් - මේස හැඳි 03
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කුකුල් මස් ටිකට ඉඟුරු සුදු ළුණු පේස්ට් එකයි, විනාකිරියි, යෝගටුයි, මිරිස් කුඩුයි දාලා මේ ටික හොඳට කුකුල් මස් ටිකත් එක්ක කලවම් කර ගන්න.මේ දා ගත්ත ටික කුකුල් මස් ටිකට හොඳට අල්ල ගන්නකම් විනාඩි 30ක් විතර වහලා තියන්න.
  • වෙනමම පෑන් එකකට බටර් ටිකක් දාලා දිය කර ගෙන ඒකට සුදුරුයි, කරදමුංගු කරාබු නැටියි, තලා ගත්ත ඉඟුරු සුදු ලුනු ටිකයි දා ගන්න.
  • ඊළගට කපා ගත්ත ළුණු ටික දා ගන්න.
  • දැන් කජුයි, අමු මිරිසුයි දාන්න. ඔයාලට පුළුවන් නම් මේ කියලා තියන ප්‍රමාණයට වඩා වැඩිපුර කජු දා ගත්තත් කමක් නෑ. කජු වැඩි වෙන තරමට මේ බටර් චිකන් එක හරිම රසයි.
  • ඊළගට කපා ගත්ත තක්කලියි, ලුනුයි, මිරිස් කුඩුයි, ගරම් මසාලා ටිකයි මේකටම දාලා කලවම් කර ගන්න.
  • මේකට සීනි පොඩ්ඩකුයි වතුර ටිකකුයි දාලා තක්කාලි ටික හොඳට තැම්බෙනකන් පෑන් එක වහලා මද ගින්දරේ විනාඩි 15-20 විතර උයා ගන්න.
  • තක්කාලි ටික හොඳට තැම්බුනහම මේ මිශ්‍රණය වෙනමම භාජනයකට දාලා ටිකක් නිමෙන්න පැත්තකින් තියලා තියන්න.
  • දැන් අපි හදන්නේ කලින් පදම් කර ගත්ත කුකුල් මස් ටික උයා ගන්න. පෑන් එකකට බටර් ටිකක් දාලා දිය කර ගෙන ඒකට කලින් හදා ගත්ත කුකුල් මස් ටික දා ගන්න. මේ කුකුල් මස් ටික පාට වෙනස් වෙනකන් විනාඩි 15-20 විතර බැද ගන්න. අපි කුකුල් මස් ටික උයන්නේ මේ වෙලාවේදී විතරයි. ඒක හින්දා මේ වෙලාවේදී හොඳට කුකුල් මස් ටික බැද ගන්න.
  • කලින් නිමෙන්න තියා ගත්ත තක්කාලි මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩර් කරලා එකෙ යුෂ ටික වෙනමම බෝල් එකකට පෙරා ගෙන කෑලි ටික අයින් කරන්න. සාමාන්‍යයෙන් මේ බටර් චිකන් එකේ පොඩ්ඩක්වත් කෑලි හිටින්නේ නැති වෙන්න තමයි අපි මේක හදා ගන්නේ. ඒක හින්දා ඔයාලා මේක කීප සැරයක් හරි බ්ලෙන්ඩර් කරලා ඔක්කොම යුෂ ටික පෙරලා අර ගන්න.
  • දැන් අපි ආයෙත් පෑන් එකක බටර් ටිකක් දිය කර ගෙන ඒකට හදා ගත්ත තක්කාලි මිශ්‍රණය දා ගන්න. මේ මිශ්‍රණය බටර් ටිකත් එක්ක හොඳට කලවම් කරලා ඒකට බැද ගත්ත කුකුල් මස් ටිකත් දාලා කලවම් කරලා විනාඩි 5-7 විතර උයා ගන්න.
  • අන්තිමටම විපින් ක්‍රීම් ටික දාලා කලවම් කරලා මේක ලිපෙන් බා ගන්න.
  • මේ බටර් චිකන් එක ඕනෙම කෑමක් එක්ක රසට කන්න පුළුවන්.
  • Butter Chicken
    Butter Chicken
    Butter Chicken
    Butter Chicken

    Contact DailyLife.lk

    or drop an E-Mail to