බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්

කටට කෙල උනන වගේම දැක්ක ගමන් ඇස් දෙකටත් හරිම ලස්සන ඩෙසර්ට් එකක් තමයි මේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ජෙලි පැකට් - 100g පැකට් පාට 04කින්
  • ජෙලටින් - 15g
  • ටින් කිරි - 390g
  • වැනිලා - තේ හැඳි 01
  • වතුර

සාදන ක්‍රමය:

  • සාමාන්‍ය ජෙලි හදන විදිහටම ජෙලි පැකට් ටික වෙන වෙනම හදා ගන්න. හැබැයි මේ පුඩින් එකට ජෙලි ටික ටිකක් ඝනකමට ඕනේ. ඒක හින්දා පැකට් එකේ කියලා තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දාන්න.
  • මේ ජෙලි පුඩින් එක හදන්න ඔයාලා කැමති තරමක් පාට අර ගන්න පුළුවන්.
  • ඔක්කොම ජෙලි ටික හදා ගත්තාට පස්සේ මේ ටික හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
  • ඊළගට ඇල් වතුර ටිකක් පොඩි භාජනයකට දාලා ඒකට උඩින් ජෙලටින් ටික ඉහ ගන්න. මේ ටික වතුරත් එක්ක හොඳට කලවම් කරලා ජෙලටින් ටිකට වතුර උරා ගන්නකන් විනාඩි 7ක් 8ක් විතර තියලා තියන්න.
  • ටින් කිරි ටික භාජනයකට දාලා එකේ ඉතුරු වෙන කිරි ටිකත් වතුර ටිකක් එක්ක කලවම් කරලා මේ භාජනයටම දා ගන්න.
  • ටින් කිරි ටික ලිපේ තියලා ටිකක් බුබුළු දාන මට්ටමට වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගැන ගමන් රත් කරන්න. ටින් කිරි ටික රත් උනහම වැනිලා ටිකත් දාලා කලවම් කරලා ලිපෙන් අයින් කර ගන්න.
  • ජෙලටින් ටික ඩබල් බොයිලර් එකක් උඩ තියලා තව ටිකක් හොඳට දිය කර ගන්න. දැන් මේ ජෙලටින් ටිකත් කිරි ටිකටම දාලා කලවම් කර ගෙන කිරි ටික හොඳටම නිමෙන්න තියන්න. මොකද කිරි රස්නේ පිටින් ජෙලි ටිකට දැම්මොත් එහෙම ජෙලි ටික දිය වෙනවා.
  • කිරි ටික නිමෙනකන් හොඳටම සෙට් වෙච්ච ජෙලි ටික කෑලි වලට කපා ගම්මු. කපා ගත්ත ජෙලි ටික එකම භාජනයකට දාලා පාට ටික කලවම් කර ගන්න.
  • පුඩින් එක හදන බෝල් එක අරගෙන ඒකෙ අඩියටම කිරි ටිකක් දා ගන්න. ඊළගට කපා ගත්ත ජෙලි කෑලි ටිකක් දා ගන්න. මේ විදිහට මාරුවෙන් මාරුවට ජෙලි ටිකයි කිරි ටිකයි ඉවර වෙනකන් දා ගෙන පුඩින් එක හොඳටම සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩින් එක හොඳටම සෙට් උනහම ඔයාලට කැමති විදිහට මේ ජෙලි පුඩින් එක පිළිගන්වන්න පුළුවන්.
Broken Glass Jelly Pudding
Close up view of Broken Glass Jelly Pudding
Broken Glass Jelly Pudding
Vertical view of Broken Glass Jelly Pudding
Broken Glass Jelly Pudding
Top view of Broken Glass Jelly Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to