හාල්මැස්සෝ දාලා රසට බීට් රූට් කරියක් හදමු

ලංකාවේ ඉන්න අපි බීට් රූට් කරියක් නොකාපු කෙනෙක් නෑනේ. හැබැයි ඔයාලා මීට කලින් හාල්මැස්සෝ දාලා බීට්රූට් හදලා තියනවද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • බීට් රූට් - 300g
  • හාල්මැස්සෝ - 50g
  • අමු මිරිස් - 02
  • රතු ළුණු - 08 - 10
  • කරපිංචා
  • කහ කුඩු - තේ හැඳි 01
  • මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • ලුනු - තේ හැඳි 01
  • උළු හාල් - තේ හැඳි 1/2
  • පොල් කිරි - කෝප්ප 02

සාදන ක්‍රමය

  • බීට් රූට් ටික හොඳට සුද්ද කරලා අරගෙන කෑලි වලට කපා ගන්න.
  • අමු මිරිස්, රතු ළුණු පොඩියට කපලා දාගන්න.
  • හොඳට සෝදා ගත්ත හාල්මැස්සෝ ටික දාගන්න.
  • පොල් කිරි ටික දාගන්න.
  • උළු හාල්, ලුනු, තුන පහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා කරපිංචා දමා හොඳට කලවම් කරන්න.
  • මේ කරි එක විනාඩි 10-15ක් විතර ලිපේ තියලා උයාගන්න.
  • රස පදමට ලුනු අඩු වැඩි කර ගන්න.
Beet Root Curry
Beet Root Curry
Beet Root Curry

Contact DailyLife.lk

or drop an E-Mail to