ඔයාලා මීට කලින් මේ විදිහට බතල කාලා තියනවාද?

හැමදාම තම්බලා උයලා කන බතල එක වෙනසක් වෙන්නත් එක්ක මේ විදිහට බතල හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බතල - 500g
  • ග්‍රේට් කර ගත්ත චෙඩර් චීස් - 75g
  • පොඩි ලීක්ස් හෝ ළුණු කොළ - 02
  • ලුනු - තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • ඔලිව් තෙල් ටිකක්
  • සාදන ක්‍රමය:

    • බතල ටික සුද්ද කරලා සෝදලා අරගෙන කෑලි වලට කපා ගන්න.
    • බතල ටික පොඩි කරන්න පුළුවන් වෙන මට්ටමට වෙනකන් හොඳට තම්බා ගන්න.
    • බතල ටික තම්බුනාට පස්සේ වතුර ටික පෙරලා අරගෙන පැත්තකින් තියා ගන්න.
    • ලීක්ස් හෝ ළුණු කොළ ටික පොඩියට කපා ගන්න.
    • දැන් බතල ටික හොඳට පොඩි කර ගන්න.
    • මේ බතල එකට කපා ගත්ත ලීක්ස් ටිකයි චීස් ටිකයි දා ගන්න.
    • ලුනු ටිකයි ගම්මිරිස් කුඩු ටිකයිත් එකතු කරන්න.
    • මේ ඔක්කොම ටික එකට එකතු වෙන්න හොඳට කලවම් කරන්න.
    • දැන් මේ මිශ්‍රණයෙන් පොඩි සිලින්ඩර් හැඩ හදා ගන්න.
    • මේ හදා ගත්ත ටික උඩින් ඔලිව් තෙල් ටිකක් ඉහ ගන්න.
    • දැන් මේ ටික 230°C ක උෂ්ණත්වයක විනාඩි 15ක් විතර බේක් කර ගන්න.
    • විනාඩි 15 කට පස්සේ මේ ටික අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 15ක් 20ක් විතර බේක් කර ගන්න.
    • වැඩි රසයක් සදහා උණුවෙන්ම කෑමට ගන්න.
    Baked Sweet Potatoes with Cheese
    Baked Sweet Potatoes with Cheese
    Baked Sweet Potatoes with Cheese

    Contact DailyLife.lk

    or drop an E-Mail to