උදේ කෑමට නියම බේක් කරපු අලත් එක්ක බිත්තර...

ටිකක් බටහිර තාලෙට උදේ කෑමට එකතු කර ගන්න පුළුවන් දෙයක් තමයි මේ. ඒ තමයි බේක් කරපු අලත් එක්ක බිත්තර.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලොකු අර්තාපල් - 02
  • බී ලුණු - 01
  • සුදු ලුණු - 03
  • චීස් - 100g
  • තෙල් - මේස හැඳි 02
  • ලුනු
  • ගම්මිරිස්
  • බිත්තර - 04
  • කරපිංචා

සාදන ක්‍රමය:

  • අල ටික හොඳට තම්බා ගන්න.
  • ලුණුයි, සුදු ලුණුයි, කරපිංචා ටිකයිත් පොඩියට කපා ගන්න.
  • චීස් ටික ග්‍රේට් කර ගන්න.
  • අල ටික හොඳට තම්බුනාට පස්සේ අල ටික දිග අතට දෙකට මැදින් කපලා මැද තියන අල ටික අයින් කර ගන්න. මෙතැනදී ඔක්කොම අල ටික අයින් කර ගන්නේ නැතුව ලෙල්ල එක්ක අල ටිකක් ඉතුරු කරන්න.
  • දැන් මේ අයින් කර ගත්ත අල ටික ටිකක් පොඩි කර ගන්න.
  • තෙල් ටික රත් කරලා ඒකට කපා ගත්ත ලුණුයි, සුදු ලුණුයි දාලා විනාඩි 05ක් විතර තියන්න.
  • ඊළගට ලුනුයි, ගම්මිරිස් ටිකයි දාලා කලවම් කරන්න.
  • තම්බා ගත්ත අල ටිකත් මේකට දාලා කලවම් කරන්න.
  • දැන් ග්‍රේට් කර ගත්ත චීස් ටික දාලා කලවම් කරන්න.
  • දැන් මේ මිශ්‍රණය ටික ටික කපා ගත්ත අල ඇතුලට පුරවා ගෙන කරපිංචා ටිකකුත් උඩින් දාගන්න.
  • පොඩි හැන්දක් අරගෙන මිශ්‍රණය හොඳට වටේට තද කරන්න. එතකොට බිත්තර දාගන්න පොඩි වලක් හදාගන්න පුළුවන්.
  • දැන් මේ අල උඩට බිත්තර එක එක කඩලා දාගන්න.
  • මේ අල ටික විනාඩි 15ක් විතර 200°C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.
  • බේක් වෙලා ඉවර උනාට පස්සේ මේ ටික ටිකක් ලස්සන වෙන්න උඩින් කපා ගත්ත කරපිංචා ටිකක් දාගන්න.
Potatoes in baking tray
Baked Potatoes Close Up
Baked Potatoes with Eggs
Baked Potatoes with Eggs

Contact DailyLife.lk

or drop an E-Mail to