චීස් එක්ක බේක් කරපු මැකරෝනි

හැමදාම හදන මැකරෝනි එකට වැඩිපුර චීස් ටිකක් දාලා බේක් කරලා හදලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • මැකරෝනි - 250g
  • බටර් - 56g
  • පාන් පිටි - 24g
  • කිරි - 480ml
  • ලුනු - තේ හැඳි 1/2
  • ගම්මිරිස්
  • චෙඩර් චීස් - 150g
  • මොසරැල්ල චීස් - 100g
  • -මතු පිටට ඉසීමට-
  • දිය කර ගත්ත බටර් - 14g
  • පාන් කුඩු - 30g
  • ලුනු

සාදන ක්‍රමය

  • නටන උණු වතුරට ලුණු ටිකක් දාලා ඒකට පැස්ටා ටික දාන්න. පැස්ටා ටික ටිකක් සොෆ්ට් වෙනකන් විනාඩියක් දෙකක් විතර හොඳට තම්බා ගන්න.
  • පැස්ටා ටිකේ උණු වතුර ටික පෙරාගෙන පැත්තකින් තියා ගන්න.
  • ඔක්කොම චීස් ටික ග්‍රේට් කර ගන්න.
  • බටර් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ දිය කර ගන්න.
  • බටර් ටික දිය උනහම මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න.
  • දැන් කිරි ටික එකතු කර ගන්න.
  • ලුනුයි ගම්මිරිසුයි දාලා මේක ටික ඝන වෙනකන් කලවම් කරන්න.
  • දැන් මේ පෑන් එක ලිපෙන් අරගෙන ඔක්කොම චීස් ටික දාලා කලවම් කරන්න.
  • ඊළගට පැස්ටා ටිකත් දාලා කලවම් කරලා මේ ටික බේකින් පෑන් එකකට දාගන්න.
  • දැන් පාන් කුඩු ටික බටරුයි ලුනුයි එක්ක කලවම් කරලා පැස්ටා ටික උඩට දාගන්න.
  • දැන් මේක විනාඩි 25ක් 30ක් විතර 190°Cක උෂ්ණත්වයක බේක් කර ගන්න.
Vanilla Custard Cake
Vanilla Custard Cake Side View
Vanilla Custard Cake Top View
Vanilla Custard Cake Vertical View
Vanilla Custard Cake

Contact DailyLife.lk

or drop an E-Mail to