බේක් කරපු ඩෝනට්

වයිට් චොක්ලට් එක්ක එකතු වෙච්ච මේ බේක් කරපු ඩෝනට් එකේ රස නම් ඔයාලාට කොච්චර කෑවත් එපා වෙන එකක් නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 320g
  • ලුනු - තේ හැඳි 1/2
  • සීනි - 70g
  • යීස්ට් - 15g
  • සීනි - තේ හැඳි 01
  • දිය කර ගත්ත බටර් - 30g
  • මද රස්නේ කිරි - 150ml
  • බීට් කර ගත්ත බිත්තර - 01
  • වැනිලා - තේ හැඳි 01
  • වයිට් චොක්ලට් - 250g
  • ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටි ටිකයි, සීනියි, ලුනු ටිකයි එකට දාලා ටිකක් කලවම් කර ගන්න.
  • වෙනමම පොඩි බෝල් එකක යීස්ට් ටිකයි, සීනි තේ හැඳි එකකුයි කලවම් කර ගන්න. යීස්ට් එකට කිරි එකෙන් ටිකක් දාලා යීස්ට් ටික පිපෙනකන් විනාඩි 05ක් විතර තියලා තියන්න. යීස්ට් ටික පිපුනාට පස්සේ මේ ටික පිටි එකට දා ගන්න.
  • මේ පිටි එකටම බිත්තරෙයි, බටරුයි, ඉතුරු කිරි ටිකයි, වැනිලා ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් මේ ඩෝ එක සිනිදු වෙලා බෝල් එක වටේ වැඩිය ඇලෙන්නේ නැති මට්ටමට එනකන් අතින් නීඩ් කර ගන්න.
  • පිටි ටික හදා ගත්තට පස්සේ මේක වහලා පැයක් විතර පිපෙන්න තියන්න.
  • ඊළගට මේ පිටි ටිකෙන් ඩෝනට් ටික කපා ගන්න.
  • කපා ගත්ත ඩෝනට් ටිකත් තව ටිකක් පිපෙන්න තවත් පැය භාගයක් විතර තියලා තියන්න.
  • දැන් මේ ඩෝනට් ටික 190° C ක උෂ්ණත්වයක කලින් රත් කර ගත්ත අවන් එකේ විනාඩි 8ක් 10ක් විතර බේක් කර ගන්න. ඩෝනට් ටික ඕනෑවට වඩා ගොඩක් බේක් කරන්න එපා. එතකොට මේ ඩෝනට් ටික හයිය වෙනවා.
  • බේක් උනාට පස්සේ ඩෝනට් ටික නිමෙන්න තියලා වයිට් චොක්ලට් ටික උඩින් තවරා ගන්න.
  • දැන් මේ ඩෝනට් ටික උඩින් ස්ප්‍රින්කල්ස් ටිකකුත් දා ගම්මු.
Baked Doughnuts with White Chocolate Glaze
Top view of Baked Doughnuts
Baked Doughnuts with White Chocolate Glaze

Contact DailyLife.lk

or drop an E-Mail to