කල් තියාගෙන කන්න ඇඹරැල්ලා චට්නි හදමු

ඇඹරැල්ලා කියන්නේ කාගේ කාගෙත් කටට කෙල උනන පළතුරක්. අමු ඇඹරැල්ලා, ඇඹරැල්ලා අච්චාරු, ඇඹරැල්ලා උයලා මේ ඕනෙම විදිහකට ඇඹරැල්ලා හරිම රසයි. අපි අද හදන්නේ කල් තියාගෙන කන්න පුළුවන් විදිහේ ඇඹරැල්ලා චට්නි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඇඹරැල්ලා - 800g
  • සීනි - 400g
  • තලාගත්ත ඉඟුරු - 1 1/2"
  • තලාගත්ත සුදු ළුණු බික් - 3-4
  • කොටාගත්ත කුරුදු, කරාබු නැටි, කරදමුංගු - 1 1/2tsp
  • විනාකිරි - මේස හැඳි 02
  • බැදගත්ත මිරිස් කුඩු - තේ හැඳි 04
  • මිරිස් කුඩු - තේ හැඳි 03
  • රස පදමට ලුනු
  • සාදන ක්‍රමය:

    • ඇඹරැල්ලා ටික පොතු අයින් කරලා සෝදලා අර ගන්න. මේ ඇඹරැල්ලා ටික තරමක කෑලි වලට කපලා ඇට ටික අයින් කර ගන්න.
    • මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. මේ සීනි ටික වැහෙන මට්ටමට වඩා පොඩ්ඩක් වැඩියෙන් වතුර දාලා සීනි ටික හොඳට උණු කර ගන්න.
    • ඊළගට මේකට තලාගත්ත ඉඟුරුයි, සුදු ළුනුයි, කුරුදු පොතුයි, කරදමුංගු, කරාබු නැටි ටිකයි දා ගන්න. විනාකිරි ටිකත් දා ගන්න. ඔයාලා විනාකිරි දාන්න කැමති නැත්නම් මේ චට්නි එක විනාකිරි නොදා හදා ගන්න පුළුවන්.
    • දැන් කපාගත්ත ඇඹරැල්ලා කෑලි ටික මේකට දාලා හොඳට කලවම් කරලා ඇඹරැල්ලා තැම්බෙනකන් වහලා තියන්න. ඇඹරැල්ලා තැම්බෙනකොට පාට ටිකක් වෙනස් වෙනවා.
    • ඊළගට මේකට බැදගත්ත මිරිස් කුඩුයි, සාමාන්‍ය මිරිස් කුඩුයි, ලුනුයි දාලා හොඳට කලවම් කරලා මද ගින්දරේ තැම්බෙන්න වහලා තියන්න.
    • මේ මිශ්‍රණය ටිකක් ඝන වෙනකන් සැරින් සැරේ හොඳට හැඳි ගාන ගමන් මද ගින්දරේ උයා ගන්න. හැඳි ගානකොට හොඳට අඩියත් එක්ක හැඳි ගාන්න.
    • චට්නි එක හරි යනකන් චට්නි එක හදලා දාගන්න බෝතල් ටික ජීවානුහරණය කර ගන්න.
    • චට්නි මිශ්‍රණය ඝන වෙලා හොඳ පදමට ආවාට පස්සේ මේක ලිපෙන් බාගෙන පොඩ්ඩක් වෙලා නිමෙන්න තියලා කලින් ලෑස්ති කර ගත්ත බෝතල් වලට දා ගන්න.
    Ambarella Chutney
    Ambarella Chutney
    Ambarella Chutney
    Ambarella Chutney

    Contact DailyLife.lk

    or drop an E-Mail to