ගැබිණි කාලයේ ඇති වන වමනය

Pregnant කාන්තාවන්ට සුලබව ඇති වන පීඩාකාරී තත්වයක් තමයි වමනය. බොහෝ විට මෙම වමනය යෑම pregnant කාන්තාවකට පළමු මාස 03 තුල ඇති විය හැකියි.

සමහර කාන්තාවන්ට වමනය යෑම තද බල ලෙස ඇති නොවන අතර සමහර කාන්තාවන්ට එය ඉතා තද බල ලෙස ඇතිවී එදිනෙදා කටයුතු කර ගැනීමට පවා අසීරු වන අවස්ථා ඇති විය හැකියි. කෙසේ වෙතත් අලුයම ඇති වන වමනය නොහොත් morning sickness ඉතා සුලබව දක්නට ලැබෙන අපහසුතාවයක්.

කාන්තාවක් pregnant වී පළමු මාස 03 තුලදී කළලය භාහිර බලපෑම් වලට ඉතා සංවේදී වෙනවා. වමනය යෑම නිසා මවගේ අහාර ගැනීම සීමා වෙලා අනවශ්‍ය දේවල් ශරීරයට ඇතුල් වීම අඩු වෙනවා. එමගින් කළලය හොඳින් ආරක්ෂා වෙනවා කියාද මතයක් පවතිනවා. මේ අනුව pregnant වී මුල් මාස වල ඇති වන වමනය කළලයට ස්වභාව ධර්මයෙන් ලැබෙන ආරක්ෂාවක් ලෙසද දැක්විය හැකියි. එම නිසා වමනය ඇති මව් වරුන්ගේ කළලය බොහෝ විට නොරෝගී බව සොයා ගෙන තිබෙනවා.

සමහර කාන්තාවන්ට වමනය ඉතාමත් උග්‍ර ලෙස ඇති වෙනවා. වමනය දවස පුරා පැවතීම, කෑම බීම ගැනීමට නොහැකි වීම, වමනය සමඟ blood පිට වීම ඉතා උග්‍ර අවස්ථාවන් ලෙස සැලකෙනවා. ඔබටත් මෙවැනි අපහසුතා ඇත්නම් හොඳම දේ තමයි doctor කෙනෙක් මුණ ගැසීම.

අධික වමනය අඩු කර ගැනීමට ඔබට යම් යම් දේවල් අනුගමනය කරන්න පුළුවන්. අවදි වූ විගස ස්නානය කිරීම ඉන් එක් ක්‍රමයක්. සමහර කාන්තාවන්ට මේ කාලය තුලදී එළවළු සුවද දැනුනු විට හෝ ඉවුම් පිහුම් කටයුතු වල යෙදුනු විට වමනය වැඩි විය හැකියි. ඊට අමතරව මේ කාලයේදී ඔබ උණු තේ, කෝපි ආදිය ගැනීමෙන් වැළකිය යුතු අතර yoghurt, jelly වැනි දේවල් ආහාරයට ගැනීම ගුණ දායකයි. සමහර කාන්තාවන් pregnant උනහම උවමනාවෙන්ම විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමට පෙලබෙනවා. මේ නිසාත් ඔබට වමනය යෑම වැඩි විය හැකියි. මේ කාලයේදී වැඩිපුර ආහාර ගැනීමට වෙහෙසෙනවා වෙනුවට කල හැකි වැදගත් දේ වන්නේ ඔබට ප්‍රිය ජනක ආහාර ස්වල්පයක් වැඩි වාර ගණනක් ආහාරයට ගැනීමයි. මෙම කරුණු පිළිබඳව හොඳ අවබෝධයකින් සිටීම ඔබට නිරෝගිමත් දරු උපතක් ලගා කර ගැනීම සඳහා හේතු විය හැකියි.

Contact DailyLife.lk

or drop an E-Mail to