වායු සමීකරණ නිසා වියලෙන ඇස්

මේ දවස් වල තියන අධික රස්නෙත් එක්ක අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ කොහොම හරි A/C එකක් තියන තැනකට වෙලා ඉන්න. වායු සමීකරණ මගින් අපේ අධික දහඩියට තාවකාලික විසදුමක් ලබා දුන්නත් එයින් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම ගැන ඔයාලා දැනුවත්ද?

වායු සමීකරණ මගින් අවට පරිසරයේ තියන ආර්ද්‍රතාවය අඩු කරලා පිටත පරිසරයට සම්පුර්ණ වෙනස් පරිසර උෂ්ණත්වයක් නිර්මාණය කරනවා. මේ කෘතීම පරිසර උෂ්ණත්වය අපේ මුළු ශරීරයටම අහිතකර ලෙස බලපානවා. ඇස අපේ ශරීරයේ තියන ඉතා සංවේදීම ඉන්ද්‍රියක් හින්දා මේ බලපෑම ඇසට තදින්ම දැනෙනවා.

වායු සමීකරණ හින්දා වියලෙන ඇස් සමහරවිට ඔබට අධික හිසරදයකුත් ඇති කරනවා. අපේ ශරීරයට සිසිලසක් ලබා ගන්න හිතලා A/C එකට වෙලා ඉන්න අපිට මේ විදිහේ වියළි ඇස් එක්ක හිසරදයක් අතිඋනොත් නම් අපේ සම්පුර්ණ දවසම එපා වෙනවා. වායු සමීකරණ නිසා ඇතිවන මේ ඇසේ වියළි බව අඩු කර ගන්න මෙන්න මේ දේවල් ටික කරලා බලන්න.

  • වායු සමීකරණය ඉස්සරහා ඉතාම කිට්ටුව වෙලා සිටීමෙන් වලකින්න.
  • වායු සමීකරණය මගින් වාතයේ ඇති ආර්ද්‍රතාවය අඩු කරන හින්දා කාමරයේ මුළු වල වතුර බදුන් තියන්න. එතකොට මේ ජලය වාෂ්ප වෙලා වාතයේ ආර්ද්‍රතාවය වැඩි කරනවා.
  • ඔයාලාගේ වායු සමීකරණය කලින් කලට නිසි පරිදි හොඳින් සුද්ද කරලා පවත්වාගෙන යන්න. නිසි ලෙස පවත්වාගෙන නොගිය වායු සමීකරයක් මගින් වැඩිපුර බැක්ටීරියා නිර්මාණය කරනවා. ඒ නිසා ශරීරයේ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්.
  • ශරීරයේ ජල මට්ටම හොඳින් පවත්වාගෙන යන්න වැඩිපුර ජලය පානය කරන්න.
  • වායු සමීකරයේ උෂ්ණත්වය අධික ලෙස පහල දමන්නේ නැතුව කාමර උෂ්ණත්වයේ තබා ගන්න.

ඔයාලාගේ ඇස් වල අධික වියළි තත්වයක් ඇති උනොත් එහෙම ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමු වෙලා ඇස් පරීක්ෂා කර ගන්න. බොහෝ විට ඔවුන් ඇස් සිසිල් කරන eye drop එකක් ලබා දෙනවා. හැබැයි ඔබේ ඇස් වියළි ඇති ස්වභාවය අනුව වෙනත් වෛද්‍ය උපදෙස් ලබා දෙන්නත් පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to