ඇයි අපි ස්ට්‍රෝබෙරි කන්න ඕනේ?

ස්ට්‍රෝබෙරි කියන්නේ අනිත් පලතුරැ වගේ ගොඩක් අය නිතරම කන පලතුරක් නෙමේ. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ ස්ට්‍රෝබෙරි කඩෙන් ගන්න ගියොත් හරිම මිලෙන් අධිකයි. අනිත් දේ තමයි ස්ට්‍රෝබෙරි රසට සමහර අය එච්චර කැමති නැති එක. හැබැයි මේ ස්ට්‍රෝබෙරි කෑමෙන් අපිට ගොඩක් වාසි අත් කර ගන්න පුළුවන්.

විටමින් සහ ඛනිජ ලවන වලින් පිරි වීම

ස්ට්‍රෝබෙරි කියන්නේ විටමින් සහ ඛනිජ ලවන වලින් පිරි කෑමක්. විශේෂයෙන්ම විටමින් C සහ K ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙනවා. ඒ විතරක් නෙමේ තන්තු ගතිය, ෆොලික් ඇසිඩ්, මැන්ගනීස් හා පොටෑසියම් ස්ට්‍රෝබෙරි වල යහමින් අඩංගු වෙනවා. මේ විටමින් සහ ඛනිජ ලවන අපිට නිරෝගිමත් ශරීරයක් පවත්වාගෙන යන්න බෙහෙවින් උදව් වෙනවා. ස්ට්‍රෝබෙරි වල තියන විටමින් C අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් නිරෝගිමත් සමක් ලබා ගන්නත් උපකාර වෙනවා. ෆොලික් ඇසිඩ් විශේෂයෙන්ම ගැබිණි මව් වරුන්ටත් වැඩිහිටියන්ටත් වැදගත් වෙනවා. පොටෑසියම් මගින් අධික රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙනවා.

හදවත ආශ්‍රිත රෝග සුව කිරීම

ස්ට්‍රෝබෙරි ගෙඩියේ හැඩයෙන්ම අපිට පේනවා මේක හදවතට ඉතා සමීප කෑමක් කියලා. ස්ට්‍රෝබෙරි වලට හැකියාව තියනවා ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් (LDL) මට්ටම වැඩි කරලා අධික රුධිර පීඩනය අඩු කරන්න. ස්ට්‍රෝබෙරි වල තියන පොටෑසියම් හා මැග්නීසියම් අධික රුධිර පීඩනය පාලනය කරන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ මේද රහිත, කොලෙස්ටරෝල් රහිත අඩු කැලරි කෑමක්.

දියවැඩියාව පාලනයට උදව් වීම

ස්ට්‍රෝබෙරි වල තියන අධික තන්තු ස්වභාවය ශරීරයට සීනි උරා ගන්න ප්‍රමාණය අඩු කරලා දියවැඩියාව පාලනය කිරීමට උදව් වෙනවා. ස්ට්‍රෝබෙරි වැඩි වශයෙන් ආහාරයට ගන්නා පුද්ගලයන්ට තමන්ගේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරගෙන දියවැඩියාව නිසා හට ගන්න විවිධ සංකුලතා අවම කර ගන්නත් හැකියාව තියනවා. විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි "Type 2" දියවැඩියාව පාලනය කරන්න උදව් වෙනවා.

අස්ථි ශක්තිමත් කිරීම

ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙන පොටෑසියම්, මැග්නීසියම් හා විටමින් K අපේ ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. ඔයාලත් මොකක් හරි අස්ථි සම්බන්ධ රෝගයකින් පෙලෙන කෙනෙක් නම් වැඩි වශයෙන් ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්න.

ඇස් පෙනීම වැඩි කිරීම

ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙන විටමින් C අපේ අස් පෙනීම වැඩි කරන්නත් ඇසේ නිරෝගී භාවය වැඩි කරන්නත් ලොකු දායකත්වයක් දෙනවා. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි ගෙඩි 08ක අඩංගු වන විටමින් C ප්‍රමාණය දොඩම් ගෙඩියක අඩංගු වන විටමින් C ප්‍රමාණයට වඩා වැඩි වෙනවා.

මලබද්දයට විසදුමක්

ස්ට්‍රෝබෙරි වල තියන අධික තන්තු ස්වභාවය මලබද්දය අඩු කරනවා.ඒ විතරක් නෙමේ බඩවැල් ආශ්‍රිත රෝග හා ගුද මාර්ගය ආශ්‍රිත රෝග සුව කිරීමටත් ස්ට්‍රෝබෙරි වලට හැකියාවක් තියනවා.

ඔබේ ලස්සන වැඩි කර ගන්න

ශක්තිමත් කෙස් කලබක් හා නිය පෙළක් කියන්නේ ඕනෙම ගෑනු ළමයෙක්ගේ සිහිනයක්. හිස කෙස් හා නිය ශක්තිමත් කර ගන්න නම් අපි වැඩි වශයෙන් බයෝටින් හා එලාජික් ඇසිඩ් අපේ ශරීරයට එකතු කර ගන්න ඕනේ. වාසනාවකට ස්ට්‍රෝබෙරි වල මේ දෙකම යහමින් අඩංගු වෙනවා. මේ හේතුව නිසාම වෙළද පොලේ තියන වැඩි හරියක් නිෂ්පාදන වල ස්ට්‍රෝබෙරි අඩංගු වෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ස්ට්‍රෝබෙරි වලින් ගෙදරදීම රුපලාවන්ය සත්කාර ටිකක් කර ගන්නත්.

විවිධ අතුරුපස වල, ජෑම් වල හා ජෙලි වල ස්ට්‍රෝබෙරි වැඩි වශයෙන් අඩංගු වෙනවා. හැබැයි ස්ට්‍රෝබෙරි වල තියන නියම පෝෂණ ගුණය ඒ විදිහටම ශරීරයට ලබා ගන්න නම් හොඳට ඉදුණු නැවුම් ස්ට්‍රෝබෙරි ආහාරයට එකතු කර ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to