කොරෝනා වලින් බේරෙන්න හරි විදිහට අත් හෝදමු

මේ දවස් වල ලෝකේ හැම දෙනෙක්ම කතා වෙන මාතෘකාව තමයි කොරෝනා. අපිට මතක ඇති කාලෙක ලෝකේ බලවත් රටවල් පවා දණගස්සවපු වයිරස් එකක් තමයි මේක. මේ වයිරස් එකෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැන හැම දෙනෙක්ම හොයනවා. හැමෝම මුඛ ආවරණ දානවා. ප්‍රතිශක්තිය වැඩි කරන ආයුර්වේධ බෙහෙත් වට්ටෝරු බොනවා.

මේ හැම දේකටම වඩා කොරෝනා වලින් බේරෙන්න තියන හොදම විදිහ තමා හරි විදිහට අත් හෝදන එක. කොරෝනා වයිරස් එක හරිම ඉක්මනින් අපේ අත් වල ඇලෙනවා. මේ වයිරස් තියන අත් වලින් අපි අපේ මුණ ඇල්ලුවොත් එහෙම වයිරස් එක බොහොම ඉක්මනින් අපේ ශරීරයට ඇතුල් වෙනවා.

මේ කොරෝනා වයිරස් එක පිටත තෙල් වැනි තට්ටුවක් තියනවා. අපි කවුරුත් දන්නවා තෙල් වතුරේ දිය වෙන්නේ නෑ කියලා. අපි නිකන් වතුරෙන් අත් හේදුවට මේ වයිරස් එක අපේ අත් වලින් අයින් වෙන්නේ නෑ. දැන් අපි සබන් දාලා අත් හේදුවොත් මොකද වෙන්නේ. වයිරස් එකේ තියන මේ තෙල් තට්ටුව සබන් වල දිය වෙනවා. මේ තෙල් තට්ටුව දිය වෙනකොට වයිරස් එක ඇතුලේ තියන කොටස් වෙන් වෙලා වයිරස් එක විනාශ වෙලා යනවා.

මේ ක්‍රියාවලිය වෙන්න පොඩි කාලයක් ගත වෙනවා. ඒ තමයි හරියටම තත්පර 20ක්. අපි තත්පර 05ක් 10ක් සබන් ගාලා අත් හේදුවට වැඩක් නෑ. අඩුම තරමේ තත්පර 20ක් සබන් දාලා හොදට අත් දෙකේ හැම තැනකම හෝදන්න ඕනේ. එතකොට තමයි වයිරස් එක විනාශ වෙන්නේ.

අපි මේ දවස්වල ගෙදරින් එලියට යනවනම් එහෙම අපිට හැමවෙලේම සබන් දාලා අත් හෝදන්න අමාරු වෙන්න පුළුවන්. ඒකට විසදුමක් තමයි හෑන්ඩ් සැනිටයිසර් එකක් ලග තියා ගන්න එක. අපි ගන්න ඕනේ ඇල්කොහොල් ප්‍රතිශතය අඩුම තරමේ 60% ක් වත් තියන සැනිටයිසර් එකක්. හැබැයි ඔයාලාගේ අත් වල වල කුණු හෝ දහදිය තියනවානම් සැනිටයිසර් එකෙන් ලැබෙන ප්‍රථිපල අඩු වෙන්න පුළුවන්.

මීට අමතරව ඔයාලා ගෙදරින් එළියට යනවානම් අනිත් පුද්ගලයින් එක්ක අඩුම තරමේ මීටරයක පරතරයක් තියා ගන්න. අත්‍යාවශ්‍ය දේකට මිසක් මේ දවස්වල එලියට යන්න එපා. ගේ ඇතුලටම වෙලා ආරක්ෂිතව ඉන්න.

අනිත් දේ තමයි මේ දවස් වල ලොරි වලින් ගෙදරට ගේන බඩු හරි ඔයාලා කඩෙන් ගන්න බඩු හරි එක පාරට ගේ ඇතුලට ඇතුලට ගන්න එපා. ඒවා කීප දෙනෙක් අත ගාලා එන නිසා ඒ බඩු වල වයිරස් එක තියෙන්න පුළුවන්. ඒක හින්දා මේ බඩු ගේන බෑග් ඔක්කොම එළියෙදිම පුච්චලා විනාශ කරලා දාන්න. අපි මේ දවස් ටිකේ පුළුවන් තරම් ආරක්ෂා වෙලා මේ කොරෝනා වයිරසය නැති කරන්න දායක වෙමු.

Contact DailyLife.lk

or drop an E-Mail to